(එස් .ඩි .කොඩිකාර )
පසුගිය කාලයේ නියගය නිසා හානියට පත්වූ දිවයිනේ කුඩා තේ වතු හිමියන්ගේ තේ වගාවන් සදහා සහනාධාර ලබාදීමේ වැඩ සටහනක් අරඹා ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති මහින්ද විදානපතිරණ පවසයි.
මේ යටතේ දළු නෙලන තේ වගාවක විනාශයට පත්වූ තේ පදුරු සදහා එක් පැලයකට රුපියල් 100.00 බැගින්වූ සහනාධාර මුදලක්ද, සහනාධාර යටතේ වගාකරන ලද නොමේරූ තේ වගාවේ මැරුණු පැලයක් සදහා රුපියල් 30.00 ක විශේෂ සහනාධාරයක්ද ලබාදෙයි.
මෙම සහනාධාර ලබාගැනීමට අවශ්‍ය විස්තර හා විශේෂ ඉල්ලුම් පත්‍රය ප්‍රදේශයේ තේ පරීක්ෂක/ව්‍යාප්ති නිළධාරිගෙන් හෝ කුඩා තේ වතු සංවර්ධන සමිතියෙන් නොමිලේ ලබාගත හැකි බව කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය පවසයි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.