එමි.කේ. නන්දසේන සහ අනීෂා මානගේ
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කතරගම නාගහවිදිය ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නිවසක විකිණීම සඳහා සඟවා තිබූ ඇත් දළයක් සමග සැකකරුවෙකු අද (18ද) දහවල් අත්අඩංගුවට ගෙන කතරගම පොලීසියට භාරදෙනු ලැබිණ.
අම්බලන්තොට සහ කාවන්තිස්සපුර පොලිස් විශේෂ කාර්යය බලකායේ නිලධාරීන් ඒකාබද්ධව මෙම වැටලීම සිදුකර ඇත.
මෙම ඇත් දළය මිලයට ගන්නා බවට උපාය දුතයෙකු යොදවා මෙය අත්අඩංගුවට ගත්බව කාවන්තිස්සපුර කඳවුරු භාර නිලධාරී පොලිස් පරීක්ෂක සී.පල්ලියගුරු මහතා පැවසීය.
අඩි දෙකහමාරක් පමණ දිගින්යුත් මෙම ඇත් දළය සැකකරුට ලැබුණු ආකාරය ප්‍රශ්න කර සිටියද පැහැදිලි පිළිතුරක් ලබා නොදීම නිසා මේ සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදුකිරීමටද කටයුතු යොදන බව විශේෂ කාර්ය බලකාය පවසයි.
අදාළ සැකකරු සහ ඇත්දළය තිස්සමහාරාම අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.



COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.