(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අද (18) අළුයම සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති ග්‍රාම සේවා වසම් පහකට අයත් ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් හේමන්ත බණ්ඩාර මහතා ජනතාවට දැනුම් දෙයි.
පෙටිටිගල ,එගොඩ වලේබොඩ ,රාස්සගල ,ඇල්ලෙවත්ත, සහ ගවරන්හේන යන ග්‍රාම සේවා වසම් වලට අයත් ප්‍රදේශ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇත.
ඇල්ලෙවත්ත ග්‍රාම සේවා වසමේ මැද්දෙක්ද වත්ත , රාස්සගල ග්‍රාම සේවා වසමේ හැරමිටිගල ,පෙටිටිගල ග්‍රාම සේවා වසමේ යද්දෙහිකන්ද සහ පෙටිටිගල වත්ත , ගවරන්හේන හා එගොඩ වලේබොඩ යන ප්‍රදේශ නාය යෑමේ අවදානම් කලාප ලෙස නම් කර ඇති බව බලන්ගොඩ ආපදා සහන සේවා නිලධාරී උපුල් අනුරසිරි මහතා කිය.
පෙටිටිගල ප්‍රදේශයට මිලිමිටර් 84 ක වර්ෂාපතනයක් පැවැති බවද අනුරසිරි සිරි මහතා කිය.
නාය යෑමේ අවදානම් තත්ත්වය සම්බන්දයෙන් ජනතාව දැනුම් කිරීම ඇතුළු මූලික කටයුතු සිදුකර ඇති අතර හදිසි අවස්ථාවක් ඇතිවුවහොත් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමුකිරීම සඳහා සියළුම කටයුතු ප්‍රදේශිය ලේකම්වරයාගේ උපදෙස් මත සුදානම් කර තිබෙන බවද ආපදා සහන සේවා නිලධාරී උපුල් අනුරසිරි මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බලන්ගොඩ ජනතාවට විමසිල්ලෙන් සිටින්නැයි උපදෙස්