චන්ද්‍රසිරි ගුණසේකර
ඇල්පිටිය කැටපල ප්‍රදේශයට අද(17) උදැසන ඇති වූ තද සුළං හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස 22කට දැඩි අලාභ හානි සිදු වී ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි .
උදෑසන එකවරම හමා ආ සුළගින් තම නිවෙස් වල වහළ වල් ගලවාගෙන ගිය බවත් අවට තිබූ ගස් වහලවල් මතට කඩා වැටිමෙන් නිවාස තුල වූ රූපවාහිනී යන්ත්‍ර ඇතුළු වටිනා බඩු බාහිරාදිය සම්පුර්ණයෙන් විනාශ වූ බවත් නිවාස හිමියෝ පවසති .
මේ සම්බන්ධයෙන් ඇල්පිටිය පොලිසිය හා ප්‍රාදේශිය ලේකම් කාර්‍යාලය සහ ආපදා කළමනාකරණ අංශය පරීක්ෂණ පවත්වනු ලබයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd