චන්ද්‍රසේන ගමගේ
තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඉකුත් 06 වැනි දින නිකුත් කළ සෝදිසි වරෙන්තුවක් කඩ කර පොලිස් නිළධාරීන්ට බලපෑම් කළ පියෙකු හා පුතුන් දෙදෙනෙකු අද (14) දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනිසුරු එල්.ටී. වරුසවිතාරණ මහතා විසින් ලබන 22 දින දක්වා බන්ධනාගාර ගත කර තිබේ.
තංගල්ල නාකුළුගමව ප්‍රදේශයේ නිවසක තබාගෙන නීති විරෝධීව මත්පැන් අළෙවි කරනු ලබන බවට තංගල්ල පොලීසියට ලැබී තිබූ තොරතුරකට අනුව එම නිවස පරීක්ෂා කිරීම සදහා අධිකරණ නියෝගය ලබා ගෙන තිබුණේ තංගල්ල මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති වරයා විසින්ය.
ඉකුත් 06 වැනි දින අධිකරණ නියෝගයද සහිතව අදාළ නිවස සෝදිසි කිරීමට පොලිස් නිළධාරීන් පැමිණි මොහොතේ එම නිවසේ පියා හා දරු දෙදෙනො පොලීසියට බලපෑම් කර නිවසෙන් පැන ගොස් තිබූ අතර නිවස සෝදිසි කීමටද ඔවුන් ඉඩ දී තිබුනේ නැති බව පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි .
පසුව කිහිප විටක් පියා හා පුතුන් දෙදෙනො අත් අඩංගුවට ගැනීමට තංගල්ල පොලීසියේ පොලිස් නිළධාරීන් උත්සාහ කළද ඔවුන් පොලීසිය මග හැර තිබුණි .අද දින අදාළ නිවසට ගිය පොලිස් නිළධාරීන්ට පියා හා එක් පුතෙකු අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
අදත් අඩංගුවට ගැනීමට නොහැකි වූ එක් පුතෙකු නීතිඥයෙකු මාර්ගයෙන් අද දින තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වී තිබුණි.
අත් අඩංගුවට පත් පියා හා පුත්‍රයා පොලීසිය විසින් අද (14) දින තංගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
එහිදී සිද්ධිය විමර්ශනයට ලක්කළ මහෙස්ත්‍රාත් වරයා පියා හා පුතුන් දෙදෙනා බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කොට තිබුණි.
මෙලෙස අධිකරණ නියෝග කඩ කොට පොලිස් නිළධාරීන්ට බලපෑම් කළ බවට චෝදනා ලැබ බන්ධනාගාර ගත් වූයේ වීරසිංහ ගේ ධර්මසේන හා ඔහුගේ පුතුන් දෙදෙනා වන වීරසිංහ ගේ තරිදු දිල්ෂාන් ,වීරසිංහ ගේ මංජුල සදරුවන් යන අයයි.
නීතිඥයෙකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ වීරසිංහගේ තරුදු දිල්ෂාන් යන අය යි.
සිද්ධියට සම්බන්ධ නිවස මීට පෙර අවස්ථා ගණනාවකදී පොලිස් සෝදිසි කිරීම් වලට ලක්වූ නිවසක් වෙන අතර එහිදී මහා පරිමානයෙන් කසිප්පු හා විවධ පත්පැන් වර්ග ගබඩා කොට තිබියදී අත් අඩංගුවට ගෙන තිබේ.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
අධිකරණ නියෝග කඩ කර පොලිස් නිලධාරීන්ට බාධා කළ පිය-පුතු බන්ධනාගාරයට