(සුමතිපාල දීයගහගේ සහ සිරි නිහාල් ගමගේ)
නීති විරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ 15 ක් සමඟ සැකකරුවෙකු වදුරඹ වැලිදෙනියේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ අක්මීමන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයා වදුරඹ වැලිදෙනිය ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙකි.
පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණ තොරතුරක් මතකරන ලද වැටලීමේදී සැකකරුගේ නිවසේ තිබී විදේශීය රටකනිෂ්පාදනය කරන ලද බෝර 12 උණ්ඩ යොදන ගිනි අවියක් , එම ගිනි අවියට යොදන උණ්ඩ 13 ක් , මෙරට නිපදවන ලද පිස්තෝල උණ්ඩ යොදන ගිනි අවියක් සහ එම ගිනිඅවියට යොදන උණ්ඩ 2 ක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.