සමන් පාලිත නානායක්කාර
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා (ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ) අකාර්යක්ෂම දූෂිත පාලනයක් ගෙන යන බව පවසමින් අද (14) හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවට ගෙන ආ යෝජනාව වැඩි ඡන්ද 7කින් ජයග්‍රහණය කළේය.
සභාපතිවරයාට එරෙහි වූ මන්ත්‍රී වරු දසදෙනෙකු ඒ යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දුන්හ.
පස් දෙනෙකු ඡන්දය දීමෙන් වැළකී සිටියහ. තිදෙනෙකු යෝජනාවට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභා රැස්වීම් ශාලාවේ දී මෙම රැස්වීම පැවැත්විණි .
කොරෝනා වසංගතය හේතුවෙන් අපහසුතාවයට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීමට ගෙනා වියලි ආහාර අඩංගු සහන මලු බෙදීමේදී ඒවායින් ගසා කෑ බවට සභාවේ දී සභාපතිවරයාට චෝදනා එල්ල කළ බැවින් සභාව එකම ගාලගෝට්ටියක් බවට පත්විය.
මන්ත්‍රීවරු පස් දෙනකු කළු පටි බැඳගෙන සභාවේ අසුන් ගෙන සිටියහ.විරෝධතා වැකි සටහන් කළ පෝස්ටර් සභාව තුළ ද ප්‍රදර්ශනය කළේ ය .
හල්දුම්මුල්ල නගරයේ සිට විරෝධතා පුවරු රැගෙන මන්ත්‍රීවරු පිරිසක් සභාවට පැමිණියහ .
සභාපති උපුල් ප්‍රියන්ත හෙට්ටිගේ මහතා පැවසුවේ කිසිදු දූෂණ වංචාවක් තමා සිදු කර නොමැති බවත් එක රුපියලක් හෝ වංචා කළ බවට ඔප්පු වුවහොත් තමා ධූරයෙන් ඉල්ලා අස්වන බවයි.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.