බිඟුන් මේනක ගමගේ
බෙන්තර හඹුරුපොලදී ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් කරන ලදැයි කියන පහරදීමකින් වෙළෙඳසැල් හිමියකු බෙන්තර රෝහලට අද (15) ඇතුලත් කරනු ලැබ ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරයි.
විජේපාල ගුණතිලක නමැති හැත්තෑ හැවිරිදි අයකු මෙසේ රෝහල්ගත කර ඇති අතර අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඔහුව පරීක්ෂා කරනු ලැබ ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබී ඇතැයි ඌරගස්මංහන්දිය පොලිස් ස්ථානාධිපතිවරයා ලංකාදීපයට පැවැසීය.
බෙන්තර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී හෙලන් කුමාර නමැත්තා මෙම පහරදීම කර ඇති බව එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් ඌරගස්මංහන්දිය පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇත.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.