ගැටුමකින් අයෙක් මරුට:සිව් දෙනකු රෝහලේ වීරවිල ප්‍රබෝධගම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එකම පවුලේ පියා මියගොස් සිව් දෙනෙකුට බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ. 11 May 2020
දැරියක අපයෝජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට සත් හැවිරිදි දැරියක් ලිංගික අපයෝජනයට ලක් කලේ යයි කියන 43 හැවිරිදි දෙදරු පියෙක් අද (10 )රාත්රියේදී සැකපිට ප්‍රශ්න කිරීම සදහා කරන්දෙනිය දිවියගහවෙලදී අත් අඩංගුවටගත් බව කරන්දෙණිය පොලීසිය කියයි . 10 May 2020
මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් සිව් දෙනකු රිමාන්ඩ් හෙරෝයින් මත් කුඩු ක්‍රිලෝ 4 ග්‍රෑම් 368 ක් නිවසක අල්මරියක සඟවා අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් සැකකාර තරුණියන් 07 දෙනාගෙන් සිව් (04) දෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසටත් , තිදෙනකු (03) ලබන 16 දක්වා වැඩිදුර විමර්ශණය සදහා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තැබීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා නියෝග කලේය . 10 May 2020
හෙරොයින් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 280ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අද(10) අත්අඩංගුවට ගත් බව හම්බන්තොට පොලිසිය පවසයි. 10 May 2020
කුඹුරට ගිය එක්දරු පියාගේ මළ සිරුර වාරි ඇළකින් හමුවෙයි කුඹුරට යන බව පවසා පෙරදින රාත්‍රියේ සිය නිවෙසින් පිටව ගිය 60 හැවිරිදි එක්දරු පියෙකුගේ මළසිරුර මැදිරිගිරිය,5ඇල ප්‍රදේශයේ වාරි ඇළක තිබී අද(10) හමුවූ බව මැදිරිගිරිය පොලීසිය කියයි. 10 May 2020
වන අලියකු පහර දීමෙන් පුද්ගලයකු මරුට මනම්පිටිය නගරයට ආසන්නයේදී වන අලියෙකු පහරදීමෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි පුද්ගලයෙකු අද (10) මරුමුවට පත්ව ඇතැයි පොලොන්නරුව පොලීසිය කියයි. 10 May 2020
අමුද්‍රව්‍ය හිඟකමෙන් දකුණේ කොහු කර්මාන්තයේ ගැටලු රැසක් පසුගිය මාස දෙකක කාලය තුල දකුණු පළාතේ කොහු මෝල් වසාදැමිමෙන් කොහු හා කොහුබත් සපයාගැනිමේ දි දකුණු පළාතේ කොහු ආශ්රිත නිෂ්පාදනකරුවන් ගැටළු රැසකට මුහුණ දි සිටින බව කොහු ආශ්රිත නිෂ්පාදකයෝ පවසති. 10 May 2020
කොල්ල කල්ලියක කතුන් දෙදෙනෙකු ඇතුළු 5ක් අත්අඩංගුවට යාපනය නීර්වේලි ප්‍රදේශයේදී නිවාස තුනක් කොල්ලකා මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය කොල්ල කල්ලියක කාන්තාවන් දෙදෙනෙකු සමග පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසයි. 10 May 2020
ඇදිරිය අස්සේ බුරු ගැසු 16ක් අත්අඩංගුවට ඇඳිරි නීතිය ක්‍රියාත්මක කාලසීමාවේ අරලගංවිල පොලිස් වසමේ පිඹුරත්තෑව සහ ඇල්ලේවැව යන ප්‍රදේශවලදී මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයො 16 දෙනෙකු අත් අඩංගුවට ගත් බව අරලගංවිල පොලීසිය කියයි. 10 May 2020
නාවලපිටිය නගර සභා නිලධාරීයකුගේ නිවසට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් නාවලපිටිය නගර සභාවේ සභාපති සසංක සම්පත් සංජිව මහතාගේ මාධ්‍යය අංශයේ නිලධාරියෙකුගේ නිවසකට අද(10) දින අලුයම පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 10 May 2020
සහල් වැඩි මිලට විකිණු තිදෙනෙකුට දඩ පාලන මිලට වඩා වැඩිමිලට සහල් අලෙවිකළ ගාල්ල උක්වත්ත ප්‍රදේශයේ වෙළදසැල් හිමියන් තිදෙනෙකුට එරෙහිව නඩු පැවරිමට කටයුතු කරන බව ගාල්ල දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය පවසයි. 10 May 2020
සූරියවැව පාසලක් පිටුපස නිවසක කංසා වගාවක් සුරියවැව පාසලක් පිටුපස නිවසක පවත්වාගෙන ගිය කංසා හේනක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට සුරියවැව පොලිස් විශේෂ කාර්ය බළකා නිළධාරීන් අද (10) සමත් වී තිබේ. 10 May 2020
පොළොව යට සඟවා තිබූ කඳන් ගොඩ ගනි වැලිගෙපොල දඹගහවෙල කුඩාව ඔය රක්ෂිතයේ පරිසර පද්ධතිය විනාශ කරමින් වැලි කැණීමේ යෙදුණු පුද්ගලයන් පිරිසක් එම රක්ෂිතයේ තිබුණු කුඹුක් ගසක් ජේසිබී යන්ත්‍ර උපයෝගි කරගෙන ගලවා කුටිටිකර පොළොව යට වලලා තිබියදී වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ වැලිගෙපොල පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකදී ගොඩගනු ලැබීය. 10 May 2020
සොරාගත් නාන කාමර කට්ටල කුඩු පැකට් දෙකකට විකිණු පිරිසක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ දෙකහමාරක් පමණ වටිනාකමකින් යුත් නාන කාමර කට්ටල රුපියල් 20,000 වටිනාකමින් යුත් කුඩු පැකට් දෙකකට අලෙවි කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු සමඟ සොරාගත් නාන කාමර කට්ටල මිලදී ගත් කාන්තාව දඹුල්ල පොලිසිය සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. 10 May 2020
නිරෝධායනය අවසන් කළ තවත් 14 ක් බූස්ස නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව යති ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතුවල යෙදි සිටි ජාත්‍යන්තර නෞකා සහ වරාය ආරක්ෂණ අංශයේ රාජකාරීවල නිරත පුද්ගලයින් 14 දෙනෙකු නිරෝධායනය සාර්ථකව අවසන්කොට පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර මහතා පවසයි. 10 May 2020
වියළි මුවමස් කිලෝ 34ක් සමඟ අයකු අත්අඩංගුවට අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන වියළන ලද මුව මස් කිලෝග්‍රෑම් 34ක් සමඟ සැකකරුවකු අද (9) බෙලිඅත්ත ඉහළබෙලිගල්ල දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට දිස්ත්‍රීක් විශේෂ අපරාධ මැඩලීමේ ඒකකයේ නිලධාරීහු කියති. 09 May 2020
නිරෝධායනය වූ තවත් පිරිසක් යාපනය මධ්‍යස්ථානයෙන් පිටව යති කොරෝනා ව්‍යාප්තවීමත් සමඟ කොළඹ කෙසෙල්වත්ත , බණ්ඩාරනායක මාවතේ සිට යාපනය යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමුකළ 378 පිරිසක් නිරෝධායනය අවසන්වීමෙන් අනතුරුව අද(09) නිවෙස්වෙත පිටවගිය බව යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි. 09 May 2020
හැටන් වතු යායක නිවාස පේලියක ගින්නක් නිවාස 4 කට හානි හැටන් පොලිස් වසමට අයත් වනරාජා තේ වත්තේ මැණික් වත්ත කොටසේ වතු නිවාස පේලියක හටගත් ගින්නකින් නිවාස 4 කට හානසිදු වි ඇති බව හැටන් පොලිසිය පැවසිය. 09 May 2020
ඇඳිරිය අස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කළ දෙදෙනකු අත්අඩංගුවට ඇදිරිනීතිය පවතින අවස්ථාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි . 09 May 2020
වතු කම්කරුවන් 15 දෙනෙකු බඹරු ඇනීමෙන් රෝහලේ තේ වත්තේ වැඩ කරමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරුවන් 15 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත (09) දින ඇතුලත් කර ඇති බව එම රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය එ.එස්.කේ.ජයසුරිය මහතා පැවසිය. 09 May 2020
ඉරණවිල ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් සුවය ලැබූ තවත් 5ක් පිටව යති ඉරණවිල කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාධිතයින් 05 දෙනෙකු අද(09) වැනිදා පූර්ණ සුවය ලබා පිටත්ව ගොස් ඇත. 09 May 2020
මීටරේ දුරින් හිඳ බැති ගී ගයති බළන්ගොඩ මූලික රෝහලේ වෙසක් බැති ගී ප්‍රසංගය අද ( 08 වැනිදා ) පස්වරු 7.30 සිට රෝහල් පරිශ්‍රයේදී පැවැත්විණී. 08 May 2020
පිහියෙන් ඇන ඝාතනයක් කළ පුද්ගලයකු රිමාන්ඩ් කරන්දෙනිය දිවියගහවෙලදි (6) වැනිදා පිහියකින් ඇන පුද්ගලයකු ඝාතනය කලා යයි කියන සැකකරු මේ මස 21 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා අද (8 ) පස්වරුවේදී නියෝග කලේය . 08 May 2020
වල් ඌරකු මස් කළ පුද්ගලයෙක් අත්අඩංගුවට වල් ඌරකු විදුලි මන්දකට හසුකර මරා මස් කර මස් ඌරු මස් අලෙවි කළ අයෙකු අද (8 ) පස්වරුවේදී කරන්දෙණීය ඔලියපොලදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව කරන්දෙණීය පොලීසිය කියයි . 08 May 2020
සුරියවැවදී වූ ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙක් වැලිගෙපොළින් අත්අඩංගුවට ඉකුත් මාර්තු මාසයේ සුරිය වැව පොලිස් බල ප්‍රදේශයේ සිදු කල මිනිස් ඝාතනයකට සම්බන්ද සැකකරුවෙකු අද (08) පස්වරුවේ දි අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය පවසයි. 08 May 2020
වැලි මුවකු හම ගහමින් සිටි දෙදෙනෙක් අත්අඩංගුවට වෙසක් පෝදා රාත්‍රීයේ මදුගසා අල්ලා ගත් වැලි මුවෙකු මරා ගසක එල්ලා හම ගසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු තලාතුඔය පොලිසිය මඟින් අද (08) උදෑසන අත් අඩංගුවට ගෙන තිබේ . 08 May 2020
කොටවෙහෙර ආසාදිතයන් ඇසුරු කළ 52 ම කොරෝනා නෑ කොටවෙහෙර ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයන් සමීපව ඇසුරු කල බවට පී.සී.ආර් .පරීක්ෂණයට යොමු කල 52 නාටම කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට වෛද්‍ය වාර්ථා මගින් තහවුරැ වී ඇති බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (8) පැවසීය. 08 May 2020
පුරාවස්තු සෙවූ චීවරධාරියකු ඇතුළු තිදෙනකු රිමාන්ඩ් වෙසක් පුර පසලොස්වක පොහෝදා මින්නේරිය,සමගිපුර ප්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී කැණීමක් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් චීවරධාරයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මේ මස 20 දක්වා රිමාන්ඞ් බන්ධනාගාරගත කරන ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත්‍රාත් සමිතා ජයසේකර මහත්මිය නියෝග කළාය. 08 May 2020
තියුණු ආයුධයකින් පහරදී පුද්ගයකු ඝාතනය කරයි අම්බලන්තොට පොලිස් වසමේ වරාගොඩැල්ල ප්‍රදේශයේ දී ඊයේ(07) රාත්‍රී පුද්ගලයකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි. 08 May 2020
හොරෙයිතුඩුවේ නිවාස කිහිපයක ගින්නක් පානදුර උතුර හොරෙයිතුඩුව ප්‍රදේශයේ නිවෙස් කිහිපයක් මේ වන විට ගිනි ගෙන දැවෙන බව පානදුර උතුර පොලිසිය කියයි . 07 May 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025