මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් සැකකාරියන්ගෙන් සිව් දෙනකු රිමාන්ඩ්
හෙරෝයින් මත් කුඩු ක්‍රිලෝ 4 ග්‍රෑම් 368 ක් නිවසක අල්මරියක සඟවා අලෙවි කිරීමට සුදානම් වූ අවස්ථාවේ පොලිස් අත් අඩංගුවට පත් සැකකාර තරුණියන් 07 දෙනාගෙන් සිව් (04) දෙනකු ලබන 20 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර කරන ලෙසටත් , තිදෙනකු (03) ලබන 16 දක්වා වැඩිදුර විමර්ශණය සදහා පුත්තලම පොලිස් ස්ථානයේ රදවා තැබීමට පුත්තලම වැඩබලන මහේස්ත්‍රාත් මෙහොමඩ් ඉක්බාල් මහතා නියෝග කලේය .