(එම් .සුසිල් ප්‍රියන්ත )
වල් ඌරකු විදුලි මන්දකට හසුකර මරා මස් කර මස් ඌරු මස් අලෙවි කළ අයෙකු අද (8 ) පස්වරුවේදී කරන්දෙණීය ඔලියපොලදි සැකපිට ප්‍රශ්න කිරීම සදහා අත් අඩංගුවටගත් බව කරන්දෙණීය පොලීසිය කියයි .
සැකකරු අලවිය සදහා තබා තිබූ වල් ඌරු මස් කිලෝග්‍රැම් දහයක්ද මේ සමගම අත් අඩංගුවටගත් බවද පොලීසිය කියයි.
විදුලිය යොදා තමන් මරණ ලද වල් ඌරාගේ කිලෝග්‍රැම් හැටක් පමණ බරක් තිබූ බවත් පොලීසිය තමන් වටලන අවස්ථාවේදී ඌරු මස් කිලෝග්‍රැම් පනහක් පමණ අලෙවි කර තිබූ බව සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදි හෙලිවූ බවද පොලීසිය කියයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොටසක් දුන්නනම් ඉවරයිනේ. එහෙමනේ වෙන්නේ.
පසුගිය රජයෙන් වල් ඌරන් මරන්න අවසර දුන්නා මට මතකයි. දැන් කියන්නේ මරා වලදාන්න කියලාද?
අපි සත්ත්ව හිංසනය පිටුදකින බව පෙන්වන රටක්. ඇත්ත තත්වය නම් සතුන්ට ජීවත්වන්න දීල මිනිසුන්ට මැරෙන්න වෙන දවස වැඩි දුර නොවේ කියලයි. අපේ ගමේ ඉත්තෑ ගහනයක් වෙලා. පොල්, අලවර්ග විතරක් නොවේ පැපොල්, ඉඟුරු වගේ දෙයක් වත් බේරන්න බැහැ. වෙලාවට ඌරු රංචු මෙහෙ නැත්තේ. මිනිසුන්ට වඩා සත්තු ගැන බලලා හරියන්නේ නැහැ මිනිස්සු ගැනත් බලන්න ඕනේ. රිලව් වඳුරෝ, දඬු ලේනුන් ,ඉත්තෑවුන් වගාවල් විනශ කරනවා. මීයන් වී වලට හානි කරනවා. අපි බන අහනවා පොලිසිය සත්තු මැරුවම මිනිස්සුන්ට නඩු දමනවා. අනේ මන්ද සුද්දෝ හිටියනම් මීට හොඳයි. බණට පිනට ඉඩදීලා මිනිස්සු චුතවේවි.
අල්ලපු නිලධාරීන්ට මල්... අපිට ??