චන්ද්‍රසිරි ගුණසේකර
ඇදිරිනීතිය පවතින අවස්ථාවේ හෙරොයින් මත්ද්‍රව්‍ය අලෙවි කරමින් සිටි දෙදෙනකු අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිසිය පවසයි .
මෙසේ හෙරොයින් අලෙවි කරමින් සිටියදී හෙරොයින් මිලි ග්‍රෑම් 620 ක් සමග එක් පුද්ගලයකු ඇල්පිටිය පැලැන්දගොඩ ප්‍රදේශයේ දීද අනෙක් පුද්ගලයා හෙරොයින් අලෙවි කරමින් සිටි යදී හෙරොයින් මිලි ග්‍රෑම් 730 ක් සමග ඇල්පිටිය ඉගල ප්‍රදේශයේ දී ද අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි .
පළමු සැකකරු මීට පෙරද මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයෙකු බවද පොලිසිය පවසයි .
දෙවන සැකකරු මීට පෙර හමුදා සේවයේ යෙදී සිට ඉන් ඉවත් වූ අයෙකු බවද පොලිසිය පවසයි .
එක් සැකකරුවකු ඇල්පිටිය රුවන් ගිරිය ප්‍රදේශයේ පදිංචි අයෙකු වන අතර අනෙක් සැකකරු ඇල්පිටිය ඉගල ප්‍රදේශයේ පදිංචි අයෙකි .
සැකකරුවන් අත් අඩංගුවට ගනිද්දී හෙරොයින් මිලදී ගැනීමට පැමිණ සිටි අය පලාගිය බවද පොලිසිය කියයි .
සැකකරුවන් මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ඇඳිරිය අස්සේ මත්ද්‍රව්‍ය අලෙවි කළ දෙදෙනකු අත්අඩංගුවට