IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


පුරාවස්තු සෙවූ චීවරධාරියකු ඇතුළු තිදෙනකු රිමාන්ඩ්

(ක.ග.කරුණාරත්න)


වෙසක් පුර පසලොස්වක පොහෝදා මින්නේරිය,සමගිපුර ප‍්‍රදේශයේ පිහිටි නිවෙසක් පිටුපස  පුරාවස්තු සෙවීමේ අරමුණින් නීති විරෝධී කැණීමක් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් චීවරධාරයකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු මේ මස 20 දක්වා රිමාන්ඞ් බන්‍ධනාගාරගත කරන  ලෙස හිඟුරක්ගොඩ වැඩ බලන මහේස්ත‍්‍රාත් සමිතා ජයසේකර  මහත්මිය  නියෝග කළාය.

මෙසේ රිමාන්ඞ් බාරයට පත් කරන ලද්දේ කන්තලේ,යුනිට් 05,රජඇල රජමහා විහාරය ලිපිනයේ පදිංචි මන්දාරම්නුවර ධම්මානන්ද හිමි,මින්නේරිය,සමගිපුර,අංක 02 ලිපිනයේ පදිංචි කොටුවාදුව ගමගේ සමීර රන්දික ප‍්‍රභාත් සහ මින්නේරිය,අමුණාවල,විදුලි බලමණ්ඩල පෙදෙස පදිංචි රාජපක්‍ෂ කුඹුරේගෙදර මංජුල ප‍්‍රියන්ත යන තිදෙනාය.

සැකකරුවන් සුවඳදුම්,මල් පහන්,පූජා භාණ්ඩ ආදිය තබාගෙන මන්ත‍්‍ර ජප කරමින් මෙම කැණීම සිදුකරමින් සිටියදී වැටලීම සිදුකර අත් අඩංගුවට ගත් බවත් පුරාවස්තු සෙවීමේ අරමුණින් එම නීති විරෝධී ක‍්‍රියාව සිදු කර තිබෙන බවත් විමර්ශණවලදී අනාවරණයවී යැයිද පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේය.

නිදන් හෑරීම සඳහා උපයෝගී කරගන්නා ලදැයි කියන උදලූ,අලවංගු ආදී උපකරණ තොගයක්ද නඩු භාණ්ඩ ලෙස පොලීසිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

මින්නේරිය පොලීසියට ලැබුණු තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.



අදහස් (0)

පුරාවස්තු සෙවූ චීවරධාරියකු ඇතුළු තිදෙනකු රිමාන්ඩ්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31704 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14167 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11125 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 200 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1128 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 314 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site