අනීෂා මානගේ
අලෙවි කිරීමට සූදානම් කර තිබූ බව කියන වියළන ලද මුව මස් කිලෝග්‍රෑම් 34ක් සමඟ සැකකරුවකු අද (9) බෙලිඅත්ත ඉහළබෙලිගල්ල දී අත්අඩංගුවට ගත් බව හම්බන්තොට දිස්ත්‍රීක් විශේෂ අපරාධ මැඩලීමේ ඒකකයේ නිලධාරීහු කියති.
අත්අඩංගුවට ගත් සැකකරු ඉහළ බෙලිගල්ල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයකු බව පොලිසිය කියයි.
කතරගම ප්‍රදේශයෙන් ගෙනා වියළි මුව මස් කිලෝවක් රුපියල් 2500 බැගින් මිලකට අලෙවි කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැටලීම් කරන එක හොඳයි දැන්වත්. මොකද ලංකාවේ සියලුම රක්ෂිත අභයභූමී වල අවට ගම්මාන වල ඉන්න අය කරන්නේ ඒකේ ඉන්න මුවෝ, ගෝන්නු ,මීමින්නෝ වගේ පොඩි සත්තු ටික මරාගෙන කන එක හෝ විකුණන එක තමයි.