( ආරියදාස කොඩිතුවක්කු)
වීරවිල ප්‍රබෝධගම දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් එකම පවුලේ පියා මියගොස් සිව් දෙනෙකුට බරපතල තුවාල ලබා රෝහල්ගත කර තිබේ.
වීරවිල ප්‍රබෝධගම දී ඊයේ ( 10) දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලකින් එකම පවුලේ පියා මියගොස් තවත් සිව් දෙනෙක් බරපතල තුවාල ලබා හම්බන්තොට ම රෝහලට සහ දෙබරවැව මූලික රෝහලට ඇතුලත් කර ඇති බව වීරවිල පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ වීරවිල ප්‍රබෝධගම පදිංචිව සිටි පහල විතාරණ ගමගේ කුමාරසිංහ හෙවත් ගොලු කුමාරසිංහ නමැති 46 හැවිරිදි පියෙකි.
මළ සිරුර හම්බන්තොට මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත. මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ( 11) පැවැත්වීමට නියමිතව තිබුණි.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.