රොමේෂ් මධුෂංඛ
යාපනය නීර්වේලි ප්‍රදේශයේදී නිවාස තුනක් කොල්ලකා මුදල් හා රන්භාණ්ඩ රැගෙන ගිය කොල්ල කල්ලියක කාන්තාවන් දෙදෙනෙකු සමග පස් දෙනෙකු අත්අඩංගුවට ගත් බව කෝපායි පොලීසිය පවසයි.
කොල්ලකන ලද නිවෙස්වලින් රුපියල් ලක්ෂ පහකට ආසන්න මුදල් හා රණ් භාණ්ඩ මෙම කොල්ල කල්ලිය විසින් රැගෙන ගොස් ඇත.
කෝපායි පොලීසිය හා යාපනය කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් කොල්ල කල්ලිය අත්අඩංගුවට ගැනීමට පියවර ගනු ලැබීය.
එහිදී කොල්ල කල්ලිය සමීපයේ තිබී කොල්ලකන ලද රණ් භාණ්ඩ , හෙරොයින් ග්‍රෑම් 2.5 ක් මෙන්ම කොල්ලකෑම් සඳහා යොදාගත් පොරවක් , කඩුවක් සහ පාපැදි දෙකක් තිබී සොයාගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20 - 30 ත් අතර පසුවන්නෝ වෙති.
ඔවුන් යාපනය උඩුවිල්, ඉලවාලෙයි හා මල්ලාකම් යන ප්‍රදේශයන්හි පදිංචිකරුවෝ වෙති.
කලක සිට මෙම කොල්ලකෑම් සිදුකර ඇති බවට පොලීසිය අනාවරණය කර ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් පිරිස යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.