( ජේ.කේ.එල්. චාමින්ද)
පසුගිය මාස දෙකක කාලය තුල දකුණු පළාතේ කොහු මෝල් වසාදැමිමෙන් කොහු හා කොහුබත් සපයාගැනිමේ දි දකුණු පළාතේ කොහු ආශ්‍රිත නිෂ්පාදනකරුවන් ගැටළු රැසකට මුහුණ දි සිටින බව කොහු ආශ්‍රිත නිෂ්පාදකයෝ පවසති.
ඉල්ලුම සරිලන ආකාරයෙන් කොහු හා කොහුබත් සපයාගැනිමට නොහැකි වි ඇති බවද ඔවුහු පෙන්වාදෙති.
කොහු හා කොහුබත් බෙලිඅත්ත විරකැටිය, කුරුණැගල බිංගිරිය, කුලියාපිටිය යන ප්‍රදේශවලින් රැගෙන එන අතර කොරෝනා තත්වය නිසා එම ප්‍රදේශවලින් එම අමුද්‍රව්‍ය රැගෙන එ්මට නොහැකිවි තිබේ.
අමුද්‍රව්‍යවල හිගකමක් පැවතියද කොහු ආශ්‍රිත නිෂ්පාදන සදහා විදේශිය වෙළදපොල තුල හොද ඉල්ලුමක් පවතින බව කොහු ආශ්‍රිත නිෂ්පාදන අපනයනය කරන අපනයනකරුවෝ පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd