පුෂ්පකුමාර මල්ලවආරච්චි
ගම්පහ මහ රෝහලේ සේවකයෙකු සිය නිවසේ දී විදුලි සැර වැදී මරණයට පත්ව ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි.
මිය ගොස් ඇත්තේ මීරිගම හිරුවල පදිංචිව සිටි ටී එම් පරාක්‍රම 44 නැමැති දෙදරු පියෙකි.
ඔහු රාජකාරියට අමතරව සිය නිවසේ වාහන පිරිපහදු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන බවත් එම කටයුත්තක් සදහා පීඩන යන්ත්‍රය භාවිතා කරන අවස්ථාවේ විදුලි සැර වැදී මීරිගම රෝහලට ඇතුළත් කිරීමේ දී මිය ගොස් ඇතැයි මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.
මීරිගම හදිසි මරණ පරීක්ෂක තුසිත ප්‍රමෝද් විජේවර්ධන මහතා අනතුර සිදු වූ ස්ථානය ද පරික්ෂා කිරීමෙන් පසු වතුපිටිවල මහ රෝහලේ දී දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කටයුතු කරනු ලැබීය.
ඉදිරිපත් වූ සාක්ෂි හා වෛද්‍ය නිගමන මත විදුලි සැර වැදීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට තීරණය කෙරිණි .
පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ අධික්ෂණය යටතේ පරීක්ෂණ සිදු කෙරේ .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.