IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


කළුතර මී උණ පැතිරයාමේ අවදානමක්

(බන්දු තඹවිට)

කළුතර දිස්ත්‍රික්කයේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තිය අඩුවීමත් සමග මී උණ පැතිරීමේ අවදානමක් ඇතිවී ඇති බවත් ,මේ වන විට එම තත්වය පාලනය කිරීම සඳහා සියලු කටයුතු ආරම්භ කර ඇති බවත් කළුතර දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය.

කළුතර දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයන් 45 ක් පමණ වාර්තා වූ අතර කළුතර දිස්ත්‍රික්කයේ මේ වන විට මී උණ රෝගීන් 120 ක් පමණ වාර්තාවී තිබේ.

මෙසේ මී උණ වැඩිවීමට දිස්ත්‍රික්කය පුරා පුරන් කුඹුරු නැවත අස්වැද්දීමද හේතුවක් වී ඇති බවද ,පසුගිය කාලයේ මී උණ රෝගයට ගොවියන්ට භාවිතා කිරීම සඳහා ලබා දෙන බෙහෙත් වල හිඟයක් පැවතියද මේ වන විට එම බෙහෙත් ලැබී ඇති බැවින් මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරුන් මගින් එම බෙහෙත් ගොවියන් වෙත ලබාදීමට කටයුතු සලසා ඇති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.

එසේම කුඹුරු වැඩ වල නිරතවීමේදී තුවාල තිබේ නම් එම කටයුතු වලින් ඉවත්වීමටත්,දිය කඩිති,ඇළ දොළ වලින් ඇඟ සේදීම හෝ ස්නානය කිරීම නොකරන ලෙසත් ,කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගේ මෙහෙය වීමෙන් දිස්ත්‍රික්කය පුරා මී උණ සහ ඩෙංගු රෝග පැතිරීම පාලනය කිරීමට කටයුතු ආරම්භ කර ඇති බවත් වෛද්‍ය ප්‍රසාද් ලියනගේ මහතා පැවසීය.



අදහස් (0)

කළුතර මී උණ පැතිරයාමේ අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2436 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site