(ඩබ්ලිව්.ඒ. අසේල)
ගලහ බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධනය වූ 52 දෙදෙනෙකු අද (14) සිය නිවෙස් කරා පිටත් කර යැවීමට සූදානම් කර ඇති බව ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය.
මිනුවන්ගොඩ , හසලක , කොළොංගොඩ , නවනැලිය සහ බැමිය ආදි දිවයිනේ විවිධ ප්‍රදේශ වල පිරිස් මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වූ අතර ඔවුන් සියලු දෙනාම නාවික හමුදා හමුදා සෙබළුන්ගේ ඥාතීන් හා සමීපතමයන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රකාශකයෙකු කීය.
නිරෝධානය වූ කිසිවෙකුටත් කොවිඩ් 19 වයිරසය ආසාදනය නොවූ බවත් සියළු දෙනාම දෙවන පී.සී.ආර්. පරීක්ෂණයටද යොමු කළ අතර එහිදීද ආසාදිත කිසිවෙකු හමු නොවූ බවත් ගලහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සඳහන් කළේය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයේදී නිරෝධායනය වූ පිරිසක් පිටව යති