රංජිත් රාජපක්ෂ
දුම්රිය පාලමෙන් මහවැලි ගගේ වැටි අතුරුදන් වි ඇති පස් දරු මවකගේ සිරුර අද (14) දින දහවල් සොයාගත් බව නාවලපිටිය පොලිසිය පැවසිය.
මෙසේ සොයා ගනු ලැබුවේ නාවලපිටිය මහකුඹුර ප්‍රදේශයේ පදිංචි කේ.වෙලම්බා නැමති 88 හැවිරිදි පස්දරු මවකි.
මහවැලි ගග ආසන්නයේ පදිංචිව සිටි අතුරුදන් වු මව (13) දින උදැසන 11 ට පමණ බුලත් විටක් රැගෙන එන බව නිවසින් පිටත් වි මහවැලි ගග හරහා ඉදි කර තිබෙන දුම්රිය පාලම හරහා ගමන් කිරිමේදි පාලමෙන් පහල වු මහවැලි ගගට වැටි ඇති බව පොලිසිය පැවසිය.
ගග ආසන්නයේම පිහිටි කොවිලක සිටි පිරිසක් ගගට යමක් වැටෙන ශබ්දයක් ඇසුණු බව පොලිසිය වෙත දැනුම් දිමෙන් අනතුරුව නාවලපිටිය පොලිසිය සහ ප්‍රදේශවාසින් අතුරුදන් වු මවගේ සිරුර සොයා ඊයේ (13) දින සිට මෙහෙයුමක් ආරම්භ කර තිබුණි.
ප්‍රදේශවාසින් සහ නාවලපිටිය පොලිසිය එක් ව මහවැලි ගගේ අතුරුදන් වි සිටි පස් දරු මවගේ සිරුර අද (14) දිනයෙත් සොයා සිදු කල සොදිසි මෙහෙයුමකදි දුම්රිය පාලමට මිටර් 200 පහලින් වු මහවැලි ගගේ ගැඹුරු වලක තිබි හමුවි තිබේ.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.