(එම් .සුසිල් ප්‍රියන්ත )
මීටියාගොඩ මලවැන්නදූව ප්‍රදේශයේ ගෙවත්තක වළලා දමා තිබියදී අද (13 ) සොයා ගැනුණු ජීව අත් බෝම්බය අක්මීමන හියාරේ පොලිස් විශේෂ කාර්‍ය බලකායේ බෝම්බ නිශ්ක්‍රීය අංශයේ නිලධාරින් පැමිණ නිශ්ක්‍රීය කළහ.
ශ්‍රි ලංකා යුද හමුදාවට අයත් යයි සැකකෙරෙන මේ ජීව අත් බෝම්බය යළි ප්‍රයෝනයට ගැනීමට කවුරුන් හෝ ඉතා සුරක්ෂිතව ග්‍රීස් ගල්වා හිස් පනිට්ටුවක බහා වලලා දමා ඇත.
නිවැසියෙකු සිය ගෙවත්තේ පැලයක් සිටුවීමට වලක් කැපීමට යාමේදී වල කැපූ උදැල්ලේ මේ බෝම්බය ගැටිමෙන් අනතුරුව සොයාගෙන තිබේ.
මේ සම්බන්ධයෙන් මීටියාගොඩ පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd