( ශාන්ත චන්ද්‍රසිරි)
සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් නිසි ලෙස අනුගමනය නොකර විවෘත කර තිබු තලවකැලේ නගරයේ සියළුම ආපනශාලා අද (13) සිට වසා දැමීමට පියවර ගත්බව තලවකැලේ- ලිඳුල නගර සභාවේ සභාපති ඒ. අශෝක සේපාල මහතා කීය.
සෞඛ්‍ය අංශ විසින් ලබාදී ඇති සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් ආපනශාලා ඇතුලට ජනතාව නොගෙන ඔවුන් ඉල්ලන ඇණවුම් ආරක්ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් නිසි පරිදි සකස් කර පිටතට ගෙනවිත් ලබාදීමට පියවර ගෙන ඇති ආපනශාලා හැර අනෙකුත් ආපනශාලා මෙසේ වසා දැමීමට පියවර ගෙන ඇති බවද ඒ මහතා පැවැසීය.
කොවිඩ් 19 වෛරසය පැතිරීයාම පාලනය කිරීම සඳහා රජයේ සෞඛ්‍ය අංශ හා පළාත් පාලන දෙපාර්තුමේන්තුව විසින් ලබාදී ඇති උපදෙස් අනුව මෙම පියවර ගෙන ඇති බවද සේපාල මහතා වැඩිදුරටත් කීය.
2025 නොවැම්බර් මස 04
786
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2439
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තලවකැලේ ආපනශාලා වසා දමයි