හිරාන් ප්‍රියංකර ජයසිංහ
දැදුරු ඔය ජලාශය වාන් දොරටු විවෘත කිරිමත් සමග හලාවත ආසන්නයේ ගම්මාන ජලයෙන් යටවිම වැලැක්විමට හලාවත මෝය කට පුළුල් කිරිමට ( 11 ) කටයුතු කල බව පුත්තලම දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා බව පවසයි .
දිස්ත්‍රික් ලේකම් වරයා පවසා සිටියේ මේ වන විට දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු තුනක් අඩි දෙක බැගින් විවෘත කර ඇති බවත් එයින් තප්පරයට ඝණ අඩි 4124 ක් ජල කදක් දැදුරු ඔයට මුදා හැර ඇති බවයි.
වෙනත් සමයන් වලදි දැදුරු ඔයේ ජලය ගලා එමේන් පසුව හලාවත මෝය කට පුළුල් කිරිම සිදුවුවත් මෙවර ජනතාව පිඩාවන්ට පත විමට ප්‍රථම මෝය කට පුළුල් කිරිම සිදුකල බව දිස්ත්‍රික් ලේකම් වරයා පවසයි.
මෝය කට පුළුල් කිරිමට ජේ.සි.බි .යන්ත්‍ර යොදා ගැනිම සිදුකර තිබුනී. මේ සදහා හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ එච් .එම්.රසික නිරෝෂාන් මහතා ඇතුළු නිළධාරින් පිරිසක් එක්වි තිබුනී.
පසුගිය සමයන් වලදී දැදුරු ඔය වාන් දැමිම හේතුවෙන් හලාවත ගම්මාන 15 වැඩි සංඛ්‍යාවක් සේම පල්ලම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන 10 ක් පමණ ද ජලයෙන් යටවි ජනතාව පිඩාවන්ට පත්වි තිබිණි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට කියන තවත් නමක් තමයි " වැලි ගොඩදානවා " ..!!!