( රොමේෂ් මධුෂංඛ)
වව්නියාව, පම්පමඩුව යුද හමුදා කඳවුරේ ස්ථාපිත නිරෝධායන මධ්‍යස්ථානය තුළ සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද පුද්ගලයින් 129 දෙනෙකු අද (13) එම මධ්‍යස්ථානයෙන් පිටත් වූ බවට වන්නි ආරක්ෂක සේනා මූළස්ථානය පවසයි.
මෙලෙස නිරෝධායන කටයුතු අවසන් කර පිටව ගොස් ඇත්තේ කොළඹ , අවිස්සාවේල්ල, තණමල්විල ඇතුලු ප්‍රදේශයේ පදිංචි පුද්ගලයින් 129 දෙනෙකු වන අතර ඔවුන් පසුගිය දිනයන්හි එම ප්‍රදේශයන්හි වාර්ථා වූ කොරෝණා ආසාදිතයින් සමග සබඳතා පැවත්වූ පුද්ගලයින් බවටද යුද හමුදාව ප්‍රකාශ කර සිටියේය.
වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් රෝහිත ධර්මසිරි මහතාගේ අධීක්ෂණය යටතේ පැවැත්වු නිරෝධායනය අවසන් කළ පිරිස් වෙත නිරෝධායන සහතික ලබාදීමේ වැඩසටහනකින් අනතුරුව අදාළ කණ්ඩායම නිවෙස් වෙතට යුද හමුදා බස් රථ මගින් පිටත්කෙරිණ.
වැඩසටහන් අවස්ථාවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ ජ්‍යේෂ්ඨ යුද හමුදා නිලධාරීන් පිරිසක්ද එක්ව සිටියහ.




COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.