රොමේෂ් මධුෂංඛ
ලංකා ගමනා ගමන මණ්ඩලයට අයත් බස් රථ උතුරු පලාත තුල ධාවන කටයුතු ආරම්භ කලද මගීන්ගේ දැඩි අඩුවක් දැකිය හැකි බවට උතුරේ ලංගම ඩිපෝ නිලධාරීන් පවසති.
උතුරු පලාත තුල ඇඳිරිනීතිය ඉවත් කිරීමෙන් පසුව ලංගම බස් රථ ධාවනය සඳහා එක් කලද පලාත තුල මෙන්ම දිස්ත්‍රීක් තුලද ගමනාගමනය වෙනුවෙන් මගීන්ගේ දැඩි අඩුවක් ඇති බවට ඩිපො නිලධාරීන් පවසති.
පවතින කොරෝනා වයිරසයේ අවධානම හේතුවෙන් මෙලෙස මගීන්ගේ ගමන්වල අඩුවක් ඇති බවට පෙනී යන බවටත් ඉදිරියේදී ජනතාව ආරක්ෂිත පියවර අනුගමනය කරමින් බස් ගමනාගමනය සඳහා එක්වෙනු ඇති බවට අපෙක්ෂා කරන බවටද උතුරේ ඩිපෝ නිලධාරීන් වැඩි දුරටත් පවසා සිටියහ.




COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.