(එම් .සුසිල් ප්‍රියන්ත සහ දයා සිරිල් ධම්මි)
වැසි සමයත් සමඟම ඩෙංගු පැතිරීයමේ දැඩි අවදානමක් ඇති හික්කඩුව දොඩන්දූව ධීවර වරායේ ගාල් කර තිබෙන ඩෙංගු මදුරු කීටයින් සිටි ධීවර යාත්‍රා හිමියන් 7 ක් අද (13 ) නඩු පවරන බව හික්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්‍යාලය කියයි .
එමෙන්ම ඩෙංගු මදුරු කීටයින් බෝවීමට ඉඩ සැලැස්වූ තවත් ධීවර යත්‍රා හිමියන් දොලොස්දෙනෙකුටම අවවාදාත්මක ලිපි නිකුත් කිරීමටද පියවරගත් බවද එම කාර්‍යාලය කියයි.
දොඩන්දූව මහජන සෞඛ්‍යය පරීක්ෂක එස්.එම්.චන්ද්‍රනාත් ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන්, හික්කඩුව ප්‍රාදේශීය සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්, හික්කඩුව පොලිසියේ නිලධාරීන්ගේ සහ ඩෙංගු මර්ධන සහායක නිලධාරීන්ගේත් සහයෝගයෙන් දොඩන්දූව ධීවර වරායේ ධීවර යාත්‍රා පරීක්ෂා කිරීමෙන් අනතුරුව මේ නීත්‍යානුකූල පියවරයන් ගෙන ඇත


COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.