කවිතා සුබසිංහ
මහර බන්ධනාගාරයෙන් රැදවියන් පිරිසක් පැනයාම වැළැක්වීමේ දී තුවාල ලැබ රෝහල් ගත කළ මහර බන්ධනාගාර නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි මහර බන්ධනාගාරය සඳහන් කරයි.
රාගම රෝහලේ ප්‍රතිකාර ලැබු බන්ධනාගාර නියාමක එච්.බිපොන්සේකා සහ නියාමක එස්.පි.එච්.විජේතුංග යන නිළධාරින් දෙදෙනා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර ඔවුන් මේ වන විට වෛද්‍ය නිවාඩු මත සිටින බව ද මහර බන්ධනාගාර ආරංචි මාර්ග පවසයි.
මහර බන්ධනාගාර නිරෝධනායන වට්ටුවේ රදවා සිටි සැකකරුවන් පිරිසක් ඉකුත් 03 වැනි දා බන්ධනාගාරයෙන් පළා යාමට උත්සාහ කිරිමේදී දැඩි පරිශ්‍රමයක් දරා රැදවියන් නැවත අත්අඩංගුවට ගැනීමට යාමේ දී සිදු වූ තුවාල හේතුවෙන් බන්ධනාගාර නියාමකවරු දෙදෙනා රාගම වෙත ඇතුලත් කර තිබු අතර පොරබැදීමේ දී එක් නියාමකවරයෙකු ගේ ඔලුව ට පලා යාමට තැත් කළ රැදිවියෙකු විසින් එල්ල කර තිබු පොලු පහරක් හේතුවෙන් රෝහල් ගත කළ එම නියාමකවරයා ගේ හිසට මැහුම් පහක් දමා ඇති බව ද මහර බන්ධනාගාරය ආරංචි මාර්ග සඳහන් කරයි.
පැනයාමට අදාලව බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් සිදු කරන විශේෂ පරික්ෂන තව දුරටත් ක්‍රියාත්මක බව එම ආරංචි මාර්ග දන්වා සිටී.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.