(ක.ග.කරුණාරත්න)
වෙසක් සතියේ මහජනතාවට අලෙවි කිරීම සඳහා සූදානම්කර තිබූ මත්පැන් මිලි ලීටර් 44,250 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු පොලොන්නරුව,ජයන්තිපුර,තඹලවැව ඉස්මත්තේදී අද (07) අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලිසිය කියයි.
මෙම හොර මත්පැන් තොගය හිඟුරක්ගොඩ සහ ජයන්තිපුර යන ප‍්‍රදේශවල අලෙවි කිරීම සඳහා රැගෙන යමින් තිබියදී පොලිසියට ලැබුණු තොරතුරක් මත වැටලීම සිදුකළ බව විමර්ශන සිදු කරන පොලිස් නිලධාරීහු පැවැසූහ.
පොලිස් අත්අඩංගුවට පත් සැකකරවන් ජයන්තිපුර සහ තඹලවැව යන ප‍්‍රදේශවල පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd