අනීෂා මානගේ
බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවකයන් දෙදෙනකු කොරෝනා ආසාදිත බවට හඳුනාගත් අයකු ආශ්‍රය කළ බවට හඳුනාගැනීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව බෙලිඅත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා කියයි.
තංගල්ල වගේගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු කොරෝනා ආසාදිත වී ඇති බවට අද(6) හඳුනාගෙන තිබිණ.
මෙම පුද්ගලයාගේ නිවෙසෙහි පැවැති සාදයකට බෙලිඅත්ත ආයුර්වේද රෝහලේ සේවය කරන රියැදුරෙකු සහ ඔහුගේ බිරිය සහභාගී වී ඇති බවට තොරතුරු අනාවරණය වීම හේතුවෙන් එම රෝහල තාවකාලිකව වසා දැමීමට තීරණය කළ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුර ජයසේකර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd