(රංජිත් රාජපක්ෂ)
ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් මාසිකව ලබාදෙන රුපියල් 2000 දීමනාව ලබා ගැනීමට හැටන් තැපැල් කාර්යාලයට පැමිණි ජ්‍යෙෂ්ඨ පුරවැසියන් අද (06) ආපසු හරවා යැවීමට හැටන් තැපැල් කාර්යාලයේ නිලධාරීහු කටයුතු කළහ.
ඊයේ (05) දිනයේත් හැටන් තැපැල් කාර්යාලයේ වැඩිහිටි දිමනාව ලබා ගැනීමට වැඩිහිටියන් විශාල පිරිසක් පැමිණ සිටි අතර එම පිරිසද ඊයේ දින හැටන් තැපැල් කාර්යාලයේ නිලධාරීන් ආපසු හරවා යැවීමට කටයුතු කර තිබුණි.
ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් කාර්යයාල විසින් මේ මසට අදාල වැඩිහිටි දිමනාව ගෙවිමට අදාල චෙක් පත් තැපැල් කාර්යාලට එවා නොමැති නිසා වැඩිහිටි දිමනාව (11) වැනිදින තෙක් ගෙවීමට නොහැකි බව පවසමින් හැටන් තැපැල් කාර්යායේ නිලධාරින් වැඩිහිටි දිමනාව ලබා ගැනීමට පැමිණි පිරිස දැනුවත් කර ආපසු හරවා යවා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රජය කියන්නේ වැඩිහිටියෝ හිටියා වැඩියි කියලා. කණගාටු. එත් ඇත්තයි ..!