(ජේ.කේ.එල් චාමින්ද)
වැලිසර නාවික හමුදා කඳවුරේ දී කොරෝනා වයිරසය ආසාදනය වූ පොද්දල නරාවල ප්‍රදේශයේ පදිංචි නාවික සෙබලා සමඟ සමීප සම්බන්ධතා පැවැත්වු පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පී. සී.ආර්. පරික්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවත් අද (07) දින නිකුත් වූ එම පරීක්ෂණ වාර්තාවලට අනුව ඉන් කිසිඳු අයෙකුට කොරෝනා වයිරසය ආසාදනය වි නොමැති බවට තහවුරුවි ඇති බව බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා පවසයි.
ඊයේ දින (06) නරාවල ශ්‍රි සුදර්ශනාරාම විහාරස්ථානයේ දි මෙකි පුද්ගලයින් 07 දෙනා ගෙන් පී. සී.ආර් පරීක්ෂණ සඳහා ජෛව සාම්පල් ලබාගත් බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.
මිට පෙර නාවික සෙබළාගේ බිරිඳ ඇතුළු පවුලේ සිව් දෙනෙකු පී. සී.ආර් පරීක්ෂණවලට ලක්කළ බවත් ඉන් කිසිදු අයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට තහවුරු වී තිබූ බවද බෝපේ පොද්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ලසන්ත ඔබේසේකර මහතා සඳහන් කළේය.
මෙකි නාවික සෙබළා වැලිසර නාවික කඳවුරේ සිට පසුගිය 20 වැනිදින නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර 27 වැනිදින නැවත කඳවුරට ගොස් ඇත.
කඳවුරේදී නාවික සෙබළාට කොරෝනා වෛරසය ආසාදනය වි තිබුණි.
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පොද්දල නාවික සෙබළා ඇසුරු කළ 7 කට කොරෝනා නෑ