(ප්‍රින්ස් රත්නායක)
බලන්ගොඩ නෙල්ලිවල ප්‍රදේශයේ නාවික සෙබළාගේ බිරිඳ , දරුවා ඇතුලු පවුලේ ඥාතීන් 07 දෙනාට කොරෝනා වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු වී ඇත.
නාවික සෙබළාට කොළඹ අයි. ඩී.එච්. රෝහලේ දී වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමෙන් පසුව ඔහුගේ බිරිඳ, දරුවන්, මව , නැගණිය හා ඇගේ සැමියා ඉකුත් 27 වැනිදා මිහින්තලේ නාවික හමුදා කඳවුරේ කෙරෝනා ආසාදිත ඒකකයට යොමු කර තිබේ. ෙ
එහිදී මෙම හත්දෙනාගෙන් පස්දෙනෙක් පී.සී.ආර්. පරීක්ෂණයට යොමුකර ඇති අතර සෙබළාගේ 11 හැවිරිදි පුත්‍රයාට උණ සහ බඩේ අමාරුවක් ඇතීවීම හේතුවෙන් එම දරුවා සහ මව අනුරාධපුර මහරෝහලට ඇතුළත් කර ඇත. එහිදී මව සහ දරුවාට පී.සී.ආර් පරීක්ෂණ සිදුකර තිබේ.
ඒ අනුව මව සහ පුතාට මෙන්ම සෙසු පිරිසටද වයිරසය ආසාදනය වී නොමැති බව තහවුරු කර ඇතැයි ඉඹුල්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ආනන්ද මංජුල ගොඩගේ මහතා සඳහන් කළේය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.