IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


හිතුමතේ අධිවේදනා නාශක ඖෂධ අලෙවි කළ ඔසුසල්හිමියකු අත්අඩංගුවට

( තිලකරත්න දිසානායක.)

මත් ලෝලීන් සදහා අධි වේදනා නාශක ඖෂධ වර්ගයක් අධික මිල ගණන් යටතේ අලෙවි කළ බව කියන ඔසුසල් හිමියෙකු  ගම්පහ පොලිස් දුෂණ මර්ධන අංශය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 

වෛද්‍යවරයෙකුගේ නියමයකින් තොරව කිසිසේත්ම අලෙවි කළ නොහැකි බව කියන මෙම ඖෂධ වර්ගය මත් ලෝලීන් සදහා අධික මිල ගණන් යටතේ අලෙවි කරනු ලබන බවට පොලිස් බුද්ධි අංශයට සහ " පොලිස්පතිට කියන්න " යන දුරකථන අංකයට ලද තොරතුරු මත ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි සිදුකළ පරීක්ෂාවකදී මොරගොඩ ප්‍රදේශයේදී ෆාමසිකරු අත් අඩංගුවට ගෙන තිබේ. 

දූෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ පොලිස් උපායදූතයෙකු යොදවා වෛද්‍ය නිර්දේශයක් නොමැතිව එම ඖෂධය  ලබා ගෙන ඇති අතර ෆාමසියෙහි ඇතුලත වෙනම කොටසක තබා ගනිමින් වැඩි මිලකට මේවා අලෙවි කළ බව පොලීසිය පවසයි. 

මෙම අධි වේදනා නාශක ඖෂධ වර්ගය පෙති 30 ක් සහිත ඇසුරුමක් රුපියල් 850 පමණ වන වන නමුත් මෙම ෆාමසියෙහි එම ඇසුරුමක් රුපියල් 1500 ක් වැනි මිලකට අලෙවි කොට ඇති බවත් පොලීසිය සදහන් කරයි.

මෙහිදී අධි වේදනා නාශක පෙති 400 කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට හැකිව ඇත.

වෙනත් අයෙකුගේ ඖෂධවේදී සහතිකයක් භාවිතා කරමින් මෙම ෆාමසිය පවත්වාගෙන ගොස් ඇති බවද අනාවරණයවී ඇතැයි පොලීසිය පවසන අතර මෙහිදී කලක පටන් මත් ලෝලීන්ට අනවශ්‍ය පරිදි ඖෂධ නිකුත් කොට ඇති බවටද සැක කරයි. 

ගම්පහ කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික ද සිල්වා සහ ගම්පහ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් ජයසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි දුෂණ මර්ධන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රංග ගුණසේකර මහතාගේ මෙහෙයවීම යටතේ ෆාමසිකරු අත් අඩංගුවට ගැනීම පිනිස උප පොලිස් පරීක්ෂක ලහිරු ඔසද මහතා සහ කොස්තාපල් මධූෂ (32522) කටයුතු කොට ඇති අතර සැකකරු අද (6) ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.



අදහස් (0)

හිතුමතේ අධිවේදනා නාශක ඖෂධ අලෙවි කළ ඔසුසල්හිමියකු අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 675 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site