(ක.ග.කරුණාරත්න)
පොලොන්නරුව, තඹාල ප‍්‍රදේශයේ පිහිටි කුඹුරු යාය හරහා ගලා බසින කුඹුක්කන්ආරුව ඔයේ තිබී පිරිමි පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද (06) හමු වූ බව පුලස්තිපුර පොලිසිය කියයි.
මියගිය පුද්ගලයා පොලොන්නරුව, පුලස්තිගම,බී. ඕ.පී.400 අංක 91 ලිපිනයේ පදිංචි 80 හැවිරිදි ජී.එම්.මද්දුමබණ්ඩාර යන අය බවට හඳුනාගෙන ඇති බව පොලිසය පැවසීය.
මෘත දේහය පොලොන්නරුව මහ රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙනවිත් ඇති අතර හදිසි මරණ පරීක්‍ෂණය සහ පශ්චාත් මරණ පරීක්‍ෂණය පැවැත්වීමට නියමිත බව පොලීසිය සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd