(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අගුරුවාතොට පින්නකොළ හේන ප්‍රදේශයේ නිවාස දෙකකට රාත්‍රි කාලයේදී ඇතුළු වී රුපියල් ලක්ෂ 22 කට අධික වටිනා රන් භාණ්ඩ හා මුදල් සොරා ගත් පුද්ගලයෙකු අද 06 අත්අඩංගුවට ගත් බව අගුරුවාතොට පොලිසිය කියයි .
අත්අඩංගුවට ගත් සැකකරු මොරොන්තුඩුව දෙල්දූව පදිංචි 26 හැවිරිදි අයෙකි.
සැකකරු එලෙස සොරා ගත් රන් මාල ,මුදු, වළලු හා පෙන්ඩන් පොලිසිය මගින් සොයා ගෙන ඇත.
සොරකම් ගණනාවක් සම්බන්ධයෙන් බන්ධනාගාර ගතව සිට මීට මාස 3 කට පෙර නිදහස්ව පැමිණ තිබූ මෙම පුද්ගලයා අගුරුවාතොට ඔහුගේ මිත්තනියගේ නිවසේ සිට මෙම සොරකම් සිදු කර තිබූ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය .
දැඩි ලෙස හොරෙයින් මත්කුඩු පානයට ඇබ්බැහිව සිටින සැකකරු සොරා ගත් මුදල් වලින් මත්කුඩු මිලදී ගෙන පානය කර තිබූ බවත් ඇදිරි නීතිය පැවතීම නිසා රන් භාණ්ඩ උකස් මධ්‍යස්ථාන වසා තිබීම හේතුවෙන් එම සොරා ගත් රන් භාණ්ඩ මිත්තනියගේ නිවසේ අල්මාරියක සඟවා තිබී සොයා ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd