(ප්‍රියානි මංගලිකා)
නිකවැරටිය වාසිවැව ප්‍රදේශයේ කොරෝනා වෛරස් ආසාධිත කාන්තාව වෙසෙන ප්‍රදේශයේ දී ,හදිසියේ නිවස තුලම මියගොස් සිටි පුද්ගලයාගේ මරණය හදිසි හෘදයාබාධයකින් සිදු වූවක් බවට අද (02) නිකවැරටිය රෝහලේදෘී පැවති හදිසි මරණ පරීක්ෂනයේදී අනාවරණය වූ බව පොලීසිය සඳහන් කරයි.
මරණ පරීක්ෂණය සිදුකල කොබෙයිගනේ හදිසි මරණ පරීක්ෂක ඩී.එම්. ධර්මසේන මහතා ප්‍රකාශ කලේ , වාසිවැව සියඹලෑව ප්‍රදේශයේ දී හදිසියේ නිවස තුලම මියගොස් සිටි 65 වියැති පුද්ගලයාගේ මරණය.
හදිසි හෘදයාබාධයකින් සිදුවුවක් බවට මරණ පරීක්ෂණයේදී අනාවරණය වූ බවත් මියගිය පුද්ගලයාගේ සිරුර නෑසියන්ට බාර දුන් බවත්ය.
සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය මූලස්ථාන පොලීසිය පරීක්ෂණ සිදු කලේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd