(ලලිත් නවරත්න)
ආරච්චිකට්ටුව බංගදෙනිය ප‍්‍රදේශයේ ත‍්‍රීරෝද රථයකින් හෙරොයින් සහ මත්පෙති අලවි කළ පුද්ගලයින් තිදෙනෙකු අද (01) සවස අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ බංගදෙනියල මානවේරිය සහ කුමාරකට්ටුව ප‍්‍රදේශවල පදිංචි වයස අවුරුදු 19 සහ 21 වයසේ පසුවන පුද්ගලයින් තිදෙනෙක් බව පොලිසිය කීය.
අත්අඩංගුවට පත්වන අවස්ථාවේ සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග‍්‍රෑම් 4යි මිලීග‍්‍රෑම් 640ක් සහ මත්පෙති 4 ක් සොයාගත් බව පොලිසිය පැවසීය.
මුදලින් රුපියල් 10,700ක් ද තිබී සොයාගෙන ඇත.
ප‍්‍රධාන සැකකරු පදිංචි බංගදෙනිය ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදි එහි තිබි ජංගම දුරකථන 9 ක් සහ හැදුනුම්පත් 03 ක් සොයාගන ඇත.
සැකකරුවන් හෙට (02) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd