(රංජිත් රාජපක්ෂ )
හැටන් පොලිස් වසමට අයත් ඇබොස්ලි වතුයායේ වතු නිවාස පේලියක හටගත් ගින්නෙන් එම වතු නිවාස පේලියේ ගිනිගෙන විනාශ වි වතු නිවාස 10 ක පවුල් 14 කට අයත් සමාජිකයන් 36 දෙනෙකු සෞඛ්‍යය ආරක්ෂක ක්‍රමවේදයට අනුව එම වතු යායේ හින්දු කොවිලේඋත්සව ශාලාවේ තාවකාලිකව නතර කිරිමට පියවර ගත් බව හැටන් මුලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජි.එස්.පලිපහන මහතා පැවසිය.
එම වතු නිවාස පේලියේ එක් නිවසක වතු කම්කරු පවුලක් විසින් දෙවියන්ට දැල් වු පහනක ගින්න තිර රෙද්දට ඇවිලි පසුව ගින්න වහල මතට ඇවිලි සෙසු නිවාස වලට පැතිර ගොස් ඇති බවයි ගින්න පිලිබදව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය කියයි.
එම වතු නිවාස පේලියේ පදිංචි වතු කම්කරුවන් නිවාස වල සිවිලිම මත තේ දර එක්රැස් කර තිබිම නිසා ගින්න ශීඝ්‍රයෙන් පැතිර ගොස් ඇති බව දැනට කරන ලද මුලික විමර්ෂණයේදි අනාවරණය වි ඇත.
පැතිර යමින් තිබු ගින්න එම වතු යායේ වතු කම්කරුවන් සහ හැටන් පොලිසියේ නිලධාරින් එක් ව පාලනය කරමින් සිටින අතරතුර හැටන් දික්ඔය නගර සභාවේ ගිනි නිවිමේ ඒකකයේ නිලධාරින්ගේද සහ ලක්ෂපාන යුද හමුදා කදවුරේ භට පිරිස් සහයෝගය ලැබි තිබුණි.
ගින්නෙන් වතු කම්කරුවන්ට අයත් ඔහුන්ගේ අත්‍යවශ්‍යය ලියකියවිලි සහ පෞද්ගලික බඩු බාහිරාදිය ගින්නෙන් සහ ගින්න පාලනය කිරිමට යාමෙන් විනාශ වි ඇත.
ගින්නෙන් අවතැන් වුවන් අතර කාන්තාවන් 18 දෙනෙකු සහ පිරිමින් 18 දෙනෙකුත් එ අතර කුඩා ළමුන් 16 දෙනෙකුත් සිටින බවයි පොලිසිය කියා සිටියේය .
පැතිර ගිය ගින්නෙන් සිදු වු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර ගින්නෙන් අවතැන් වුවන් සදහා ආහාර පාන සහ යටිතල පහසුකම් ලබා දිමට අපදා කලමණාකරණ ඒකකය ,ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් කාර්යයාලය , වතු පාලන අධිකාරිය සහ දේශපාලන අධිකාරිය මේ වන විට කටයුතු කර ඇත.



2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඇබොස්ලි වතු යායේ ඇති වූ ගින්නකින් වතු නිවාස 10 ක පිරිස් තාවකාලික නැවතුමකට