IMG-LOGO

2025 මැයි මස 06 වන අඟහරුවාදා


අපිරිසිදු ලෙස ආපනශාලාවක් පවත්වාගෙන ගියේ යැයි නීතිමය පියවර

 (කාංචන කුමාර ආරියදාස)
 
ඇදිරිනීති බලපත්‍ර ද උල්ලංඝනය කරමින් ඉතා අපිරිසිදු ආහාර පාන ජනතාවට අලෙවි කරමින් තිබූ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂාකර වසා දැමීමට දඹුල්ල  මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය අද ( 02 ) පියවර ගත්තේය.
 
ඇඳිරි නීතිය බල පැවැත්වෙද්දී දඹුල්ල නගරයේ තොග වෙළෙඳ සැල් සහ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කර තැබීම හේතුවෙන් නිරන්තරයෙන් ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපති ජාලිය ඕපාත මහතා ඇතුළු සෞඛ්‍ය දෙපාර්තමේන්තු නිලධාරීහූ දැඩි විමසිලි විමසිල්ලෙන් පසුවෙති.
 
දඹුල්ල කණ්ඩලම හන්දිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය  තොග සහ සිල්ලර වෙළඳසැලක් පරීක්ෂාකිරීම නගරාධිපති ජාලිය ඕපාත මහතා ප්‍රමුඛ කණ්ඩායම සිදු කළේය. එම තොග සහ සිල්ලර වෙළඳසැල මෙන්ම ඔවුන්ගේ ගබඩාවද සෞඛ්‍යාරක්ෂිතව පවත්වාගෙන යන බව නගරාධිපතිවරයා නිරීක්ෂණය කිරීමෙන් පසුව පැවසීය.
 
පසුව නගරාධිපතිවරයාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය ඉදිරිපිට හෝටලයක් පරීක්ෂාවට ලක් කළේය. මෙම හෝටලය ඇඳිරි නීතිය බල පැවැත්වෙන කාලසීමාවේ විවෘත කර තැබීමට කිසිදු ආරක්ෂක අංශයකින් හෝ සෞඛ්‍ය අංශයකින් අවසරයක් ලබාගෙන නොතිබූ බව පරීක්ෂණවලදී හෙළි විය.

 එමෙන්ම මෙම හෝටලයේ ආහාරපාන දිවා රාත්‍රී දෙකෙහිම අලෙවි කරන බව අනාවරණය වීමෙන් පසුව හෝටලයේ මුළුතැන්ගෙය සහ ශීතකරණ පරීක්ෂා කිරීමට සෞඛ්‍ය බලධාරීන් පියවර ගත්තේය.
 
එහිදී පිසු  පරාටා රොටි තොගයක් ඉතා අපිරිසිදු  පෙට්ටියක තබා තිබෙන ආකාරය නිරීක්ෂණය විය .
 පසුව ශීතකරණ දෙකක් පරීක්ෂාකිරීමේදී මීට දින ගණනාවකට ඉහතදී පිසන ලද  මෑකරල් ව්‍යාංජනයක් ,වම්බටු වෑන්ජනයක්, පරිප්පු වෑංජන කිහිපයක් පිසීමෙන් තොරව අමු මස් සහිතව එකට ගබඩා කර තිබියදී සොයා ගැනීමට හැකිවිය.
 
 මහජන සෞඛ්‍ය පරීක්ෂක නිළධාරින් කියා සිටියේ මෙසේ පිසන ලද පරණ එළවළු මාළු ආදී ඕනෑම දෙයක් පිසීමකින් තොරව අමු මස් මාළු තලයේ තබා ගැනීම බරපතළ වරදක් බවය.
 දඹුල්ල ප්‍රදේශයේ සෑම හෝටලයක් ම වසා දමා තිබියදී මෙම හෝටල් හිමියන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පැමිණෙන ජනතාවට නුසුදුසු ආහාර පාන ලබා දී මිල මුදල් උපයා ගැනීම සිදුකරන බව සෞඛ්‍ය බලධාරීහු පවසති.
 
 දැඩි ලෙස අවවාද කළ මෙම හෝටල් හිමියාට වහාම මෙම ආහාරපාන විනාස කිරීමට බලපත්‍ර උල්ලංඝනය කරමින් මිනිස් පරිභෝජනයට නුසුදුසු ආකාරයෙන් ආහාර අලෙවි කිරීම සම්බන්ධයෙන් නඩු  පවරන ලෙස නගරාධිපති ජාලිය ඕපාත මහතා මහජන

 සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත උපදෙස් ලබා දුන්නේ ය.

 



අදහස් (1)

අපිරිසිදු ලෙස ආපනශාලාවක් පවත්වාගෙන ගියේ යැයි නීතිමය පියවර

ධම්ම Saturday, 02 May 2020 02:23 PM

කඩ පරීක්ෂාකිරීම නගරාධිපතිගේ වැඩක් නොවේ. මෙසේ තමන්ගේ රාජකාරිය නොදන්නා දේශපාලකයින් ඉවත් කළයුතු කාලය පැමිණ තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

ප්‍රාදේශීය පුවත්

සම්බන්ධීකරණ කමිටු අනුමැතියක් නැතිව ගම්පහ කළු ගල් කඩන්න බැහැ
2023 ජුලි මස 26 409 0

ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව


ගොවියාගේ අලුත් වගාවක් මාට්ටු
2023 අප්‍රේල් මස 18 1386 0

වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .


ලක්ෂ 82 ක මුදල් සමඟ දෙදෙනකු අල්ලයි
2023 අප්‍රේල් මස 09 441 0

හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ


මත් කුඩු සමඟ කාන්තාවක් අල්ලයි
2023 අප්‍රේල් මස 07 540 1

මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද


බිම් බෝම්බ සොයන දෑත් කඹ අදිති
2023 අප්‍රේල් මස 06 509 0

උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත


ජෙලෙග්නයිට් සමඟ අයෙක් අත්අඩංගුවට
2023 අප්‍රේල් මස 05 393 0

ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 816 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 208 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1253 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site