(චන්ද්‍රසිරි ගුණසේකර)
ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සංගමයට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් ගේ ඉල්ලිමට ප්‍රතිචාර දක්වමින් මෙම සදුදා ඔවුන්ගේ ඉල්ලිම ඉටු කර දෙන බවට සංගමයේ සාමන්‍යාධිකාරිවරිය එම සේවකයන්ට පොරොන්දු වීම නිසා අද උදෑසන සිට ඔවුන් යළිත් පුරුදු පරිදි සේවය ආරම්භ කළ බව එම සේවකයෝ පවසති .
අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ඉන්ධන පිරවුම් හලේ සේවකයන් කරන සේවය සදහා තමන්ට අමතර දීමනාවක් ලබාදෙන ලෙස ඔවුන් සිය පාලනාධිකාරිය වෙත ඉදිරිපත් කල ඉල්ලිමට යහපත් ප්‍රතිචාර යක් නොලැබීම නිසා ඊයේ එම සේවකයන් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබුණි.
එම දීමනාව ලබා දෙන ලෙස අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය පවා ලැබී තිබියදී පාලනාධිකාරිය එම දීමනාව ලබා නොදිමට විරෝධය පලකිරීමට ඔවුන් එම වැඩ වර්ජනය අරඹා තිබිණි.
පොලිසිය ඇතුලු අත්‍යාවශ්‍ය සේවාවන් සදහා ඇල්පිටිය නගරයේ ඉන්ධන සපයන එකම ඉන්ධන පිරවුම් හල මෙය නිසා මෙම වැඩ වර්ජනය එම සේවාවන් ට බෙහෙවින් බලපාන්නක් වී තිබුණි.
ඉන්ධන පිරවුම් හලේ සේවකයන් 11 දෙනෙකු මෙම වර්ජනයට ඊයේ එක්ව සිටි අතර අද සිට ඔවුන් සියලු දෙනාම සේවයේ යෙදෙන බව එම සේවකයෝ පැවසූහ
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඇල්පිටිය සමූපකාර ඉන්ධන පිරවුම්හලේ වර්ජනය අවසන්