අජිත්ලාල් ශාන්තඋදය
රටපුරා කොරෝනා රෝගය ව්‍යප්ත වෙද්දී රත්නපුර දිස්ත‍්‍රික්කයේ මීඋණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් මතුව ඇති බව රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග මර්දන ඒකකය අනතුරු අගවයි.
ඇලපාත, කුරුවිට, ඇහැළියගොඩ, නිවිතිගල, පැල්මඩුල්ල, රත්නපුර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස සහ රත්නපුර මහ නගර සභා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස හත මී උණ රෝගය පැතිරයාමේ දැඩි අවදානමක් ඇති බවද වසංගත රෝග විද්‍යා ඒකකය පෙන්වා දෙයි.
පවතින තත්ත්වයන් හමුවේ කුඹුරු වගාව සදහා වැඩිපුර යොමුවීමත්, එකතැන රැදන ජලය ඇති තැන් කේන්ද්‍ර කරගෙන විවිධ වගාවන් සහ වෙනත් කාර්යයන් සදහා කටයුතු කරන පුද්ගලයන් මෙන්ම වනාන්තර ආශ‍්‍රිතව පුහුණුවීම් සදහා යන ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන් මී උණ රෝගයට ගොදුරුවීමේ දැඩි අවදානමක් ඇති බවද රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග මර්දන ඒකකය පෙන්වා දෙයි.
රත්නපුර දිස්ත‍්‍රික් වසංගත රෝග විද්‍යඥ වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පෙන්වා දෙන්නේ ගොවීන් පතල් කම්කරුවන් පමණක් නොව පාසල් දරුවන්, ගුරුවරුන්, හමුදා නිලධාරීන් සහ පොලිස් නිලධාරීන්ද මී උණ වැළ`දුන බවට වාර්තා වී ඇති බවයි.
මේ වසරේ ගෙවුන මාස කිහිපය තුල රත්නපුර දිස්ත‍්‍රික්කයෙන් මී උණ රෝගීන් 281ක් වාර්තාවී ඇති බව වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා පසුගිය 29දා පැවති රත්නපුර දිස්ත‍්‍රික් කොරෝනා රෝග මර්දන කමිටුවට ද දැනුම් දුන්නේය. 2019 වසරේ ලංකාවෙන් වැඩිම මී උණ රෝගීන් ගණන වාර්තා වුයේද රත්නපුර දිස්ත‍්‍රික්කයෙනි. ගිය වසරේ රෝගීන් 747ක් වාර්තා වූ අතර ඉන් 12ක් මියගිය බවද වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා අනාවරණය කලේය.
රෝගියෙකුගෙන් තවත් කෙනෙකුට මී උණ බෝ නොවන බව පෙන්වා දුන් වෛද්‍ය ලක්මාල් කෝනාර මහතා ගලා නොයන ස්ථානවල ඇති ජලය බීම, කොහිල කොටුවල කොහිල කපන්නට ගොස් කටු ඇණී සිදුවන තුවාල, මෙන්ම ශරීරයේ ඇති සීරීමක් හෝ වෙනත් කුඩා තුවාලයක් නිසා කුඹුරක, පතලක වැඩ කිරීමෙන් ඒ ස්ථානයේ ජලයට මී මුත‍්‍ර මුසුවී ඇත්නම් මී උණ රෝග කාරක බැක්ටීරියා ශරීරගත විය හැකි බව ද දැනුවත් කරමින් සදහන් කලේය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2444
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කොරෝනා මැද රත්නපුරේ මී උණ හිස ඔසවයි