( රවින්ද්‍ර ලියනගේ )
දන්කොටුව පොලිස් වසමේ මැටිකොටුව ප්‍රදේශයේදි නිතිවිරෝධි මත්පැන් තොගයක් වැටලිමට ගිය පොලිස් නිළදාරින් දෙසට වෙඩි තැබු පුද්ගලයකු අද(01) සවස අත්අඩංගුවට ගත් බව වෙන්නප්පුව පොලිසිය කියයි.
මහා පරිමාණයෙන් නිති විරෝධි මත්පැන් ජාවාරම්කරුවකු මෙසේ අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
සැකකරු නිති විරෝධි මත්පැන් තොගයක් ප්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත මහමග රැකවල්ලා ගෙන සිටි පොලිස් නිළධාරින් යතුරුපැදිය නතර කරන ලෙසට සංඥා කල විට පොලිස් නිළදාරින් දෙසට වෙඩි තබා තිබේ.
යතුරුපැදි කරු පලා යාමට උත්සහ කිරිමේදි පොලිස් නිළධාරින් ගිය මෝටර් රථයක් හරස් කර සැකකරු අල්ලා ගත් බව පොලිසිය කියයි.
වෙඩි තැබිමට යොදාගත් රිවෝල්වරයක්ද පොලිස් අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
වෙන්නප්පුව සහකාර පොලිස් අධිකාරි එරික් පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd