(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ඉමදුව හව්පේ නිවසක නාන කාමරයක ස්නානය කරමින් සිටි කාන්තාවක් දෙසට එහි තිබූ කව්ළුවකින් පිටතින් ජංගම දුරකතනයක් යොමුකර වීඩියෝ ගත කිරීමක් සම්බන්ධයෙන් සැකපිට 42 හැවිරිදි පුද්ගලයෙක් අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසිය කියයි.
නාන කාමරයේ ස්නානය කරමින් සිටි කාන්තාව මෙම සිද්ධිය දැක ඒ ගැන ගෙහිමි තම සොහොයුරිය වෙත දැනුම් දීමේදි සැකකරු පලාගොස් ඇති බව පොලෂිය කියයි.
පසුව මෙම නිවසේ සවිකර තිබෙන ආරක්ෂිත කැමරා තුල පටිගතවි තිබූ දර්ශණ පරික්ෂාවේදී සැකකරු අසල නිවසක වෙසෙන පුද්ගලයෙක් බව සනාථවිමෙන් පසුව පොලීසිය සැකකරු අත් අඩංගුවට ගෙන ඇත.
අදාල නිවසේ ගෘහ මුලීකයා විදෙස් රටක සේවය කරණ බවත් නිවස හිමි කාන්තාවගේ රෝගාබාධයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට සහාය වීම සඳහා සිය නැගනිය මෙම නිවසට පැමිණි අවස්ථාවේ මෙම සිද්ධියට මුහුණ පා ඇති බවත් පොලිසිය කියයි.
පසුව සැකකරුගේ ජංගම දුරකතනය පරික්ෂා කිරීමේදී අදාල සිද්ධියේ දර්ශණ මකා දමා තිබී ඇති අතර එහි වෙනත් අසභ්‍ය වීඩියෝ දර්ශන රාශියක් තිබී හමුවූ බවද පොලීසිය කීය.
සැකකරු අද (03) දා ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක් හරි මානසික ලෙඩක් තියෙන අසහනකාරයෙක්. අත් අඩංගුවට ගත්තට මදි. මේ වගේ අයවලුන් ගෙවල් වල හරි අවට හරි ඉන්නවනම් මනෝ චිකිත්සකයෙකුට යොමු කරන්න ඕනේ. අපේ රටේ මෙහෙම කරන්නේ නැතිව ගහලා පන්නන එක තමා බොහෝ විට කරන්නේ.