පැතුම් දර්ශන
කැබිතිගොල්ලෑව වාහල්කඩ D-4 ප්‍රදේශයේ කුඹුරක සීසාමින් සිටි නාවික භටයයකු අකුණුසැර වැදීමකින් අද (01)සවස එම ස්ථානයේම මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ වාහල්කඩ D-2 ප්‍රදේශයේ පදිංචිව සිටි ආර්.නිෂාන් තරිදු රූපසිංහ නැමැති 22 හැවිරිදි තරුණයකු වන අතර මොහු මීට මාසයකට පමණ ඉහතදි සේවය කල නාවික කදවුරෙන් පැනවිත් සැගව සිටි අයෙකු බවද පොලිසිය වැඩිදුරටත් කියයි.
අද(01)සවස තුනට පමණ වාහල්කඩ D-4 ප්‍රදෙශයෙ පිහිටි තම පියාට අයත් කුඹුරක සී සෑමට ගොස් ආපසු ඒමට සුදානම් වන මොහොතෙ මෙම අකුණු සැර වැදීම සිදුව ඇති බව පරික්ෂණ පවත්වන පොලිසිය කියයි.
මිය ගිය නාවික සෙබළාගේ සිරුර මේ වන විට වාහල්කඩ D-4 රොහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය කැබිතිගොල්ලෑව මහෙස්ත්‍රාත් වරයා විසින් හෙට(02) සිදු කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුලි කොටන අවස්ථාවක කුඹුරක් වැනි එළිමහනේ සිටීම හරියට සන්නාහකයක් පොළොවේ සිටෙව්වා වගෙයි. තමන්ට ඈත අහසේ ගොරවන ශබ්දය ඇසෙනවානම් තමන් ආරක්ෂක ස්ථානයක් කරායන්න. ඕනෑම දෙයකින් ප්‍රයෝජනයක් ලබාගන්න තමන් ජීවත්වෙන්න ඕනේ නේද. ජීවිතය අහිමි වුන තැනැත්තාගේ පවුලේ සාමාජිකයන් සිත්වේදනාවෙන් පසු වෙනවා ඇති.