බිමල් ෂ්‍යාමන් ජයසිංහ
අත්‍යවශ්‍ය ලේබලයක් ප්‍රදර්ශනය කරමින් කල් ඉකුත් වූ අවසර ලිපියක් යොදාගෙන කුකුල් මස් අපද්‍රව්‍ය වළ දැමීමට ඉංගිරිය පෝරුවදන්ඩ මැද ගේට්ටුව පාර වත්තකට ලොරි රථයෙන් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකුට ගම්වාසීහු අද (2) විරෝධය දැක්වවුහ.
එය වළක්වා ගැනිමට ඉංගිරිය පොලිසියට සහ ඉංගිරිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට දැනුම් දීමට පියවර ගත් ගත්හ.
බණ්ඩාරගම වල්ගම ප්‍රදේශයේ ගොවිපළක සිට පැමිණ තිබූ මෙම ලොරියේ රියදුරු සන්තකයේ පානදුර දකුණ පොලිසියේ ඉකුත් මාර්තු 25 වැනි දිනට පමණක් අපද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා ලබා දී තිබූ අවසර ලිපියක් හමු වූ බව පොලිසිය කියයි .
අපද්‍රව්‍ය වළ දැමීම සඳහා අවසර දී තිබූ වත්තේ හිමිකරුට ග්‍රාම සේවා නිළධාරි ,මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සහ පොලිසියේ දැඩි අවවාද කළහ .
ලොරියේ රැගෙන ආ අපද්‍රව්‍ය දැඩි දුර්ගන්ධයකින් පැවති අතර මැස්සන් විශාල ප්‍රමාණයක් ලොරියේ වසා සිටියහ .
මෙම ලොරි රථයෙන්ද පෝරුවදණ්ඩ ප්‍රදේශයේ වෙළෙඳ සැලකට විකිණීම සදහා කුකුල් මස් ද රැගෙන ආ බව මෙහිදී අනාවරණය විය.
අපද්‍රව්‍ය රැගෙන ආ ලොරි රථය සහ සැකකරුවන් පොලිස් භාරයට ගත් අපද්‍රව්‍ය තොගය වෙනත් ලොරි රථයකින් නැවත ගොවිපල කරා පිටත් කර හැරියහ.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය .




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජපානයේ මෙන්ම බහරේන් රාජ්‍යයේ විශාලම කුකුළුමස් ගොවිපොළ වලට මා ගොස් තිබෙනවා. කුකුලන් ඇතිකරන ගොවිපොළ විශාල කණ්ඩායමකට ඇත්තේ එක විශාල සැකසුම් මද්යස්ථානයක්. එහි සියලු සත්ව අපද්‍රවය එසැනින්ම පුළුස්ස කාබනික පොහොර බවට පත් කරනවා. තැන තැන වල දමන්නේ නැහැ. එම සැකසුම් මද්‍යස්ථාන වලින් එලියට එන කුකුළු මස් නිපැයුම් ඉහල මට්ටමේ සවුක්ය ආරක්‍ෂිත ලෙසයි වෙළඳපොළට පැමිණෙන්නේ. අපටත් මෙවැනි සමුපකාර ක්‍රමයේ මස් සැකසුම් මමධ්‍යස්ථානයක් නැතිනම් ඒකාබද්ධ මස් සැකසුම් මධ්‍යස්ථානයක් හෝ කිහිපයක් පිහිටුවා ගත හැකිනම් නිෂ්පාදනවල මෙන්ම නිෂ්පාදන ක්‍රියාවලියේදීත් ඉහළ ප්‍රමිතියක් පවත්වාගැනීමට හැකි වෙනවා. සැම ලියාපදිංචි කුකුළු ගොවිපලකටම එම ආයතනය හා සම්බන්ධ විය හැකියි.