හිමිදුරාව ආසාදිතයා ඇසුරු කළ 65ක් නිරෝධායනයට අම්පාර හිමිදුරාව සහ දෙහි අත්තකණ්ඩිය කුඩාගල ගම්මානයෙන් හමුවු කොරෝනා ආසාදිත වු නාවික හමුදා නිළධාරින් දෙදෙනා ලගින් ඇසුර කරන ලද පුද්ගලයින් 65 දෙනෙකු අම්පාර කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව අම්පාර ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පැවසිය. 01 May 2020
බදුල්ලේ නීතිඥවරු විවෘත අධිකරණයේ කටයුතුවලින් ඉවත්වෙති කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකීසිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය . 01 May 2020
පම්පමඩුව හා පෙරියකාඩු වල 304 ක් නිරෝධායනයට වව්නියාව පම්පමඩුව හා පෙරියකාඩු යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයන්හි පුද්ගලයින් 304 දෙනෙකු මේ වන විට නිරෝධායනය කටයුතු සිදුකරන බවට වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය පවසයි. 01 May 2020
ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයෝ වැඩ වරති ඇල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතියට අයත් ඇල්පිටිය ඉන්ධන පිරවුම් හලේ සේවකයන් අද (1)වැඩ වර්ජනයක් ආරම්භ කර ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි . 01 May 2020
මහකච්චකොඩිය 90 ක් නිරෝධායනයට වව්නියාව මහකච්චකොඩිය ප්‍රදේශයේ කොරෝනා ආසාදිත නාවික සෙබලා ඇසුරු කල බවට සැක කෙරෙන පවුල් 30 ක පමණ පුද්ගලයින් 90 කට අධික පිරිසකට සිය නිවෙස් වෙතම නිරෝධායනය කරවීමට වව්නියාව මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන් හා පොලීසිය විසින් පියවර ගෙන ඇත. 01 May 2020
අකුරණ සිට භාණ්ඩ ප්‍රවාහනයට දි තිබූ බලපත්‍ර තාවකාලිකව අත්හිටුවයි මධ්‍යම පළාතේ කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදිත මුල්ම රෝගීන් කිහිප දෙනා හමු වීම හේතුවෙන් හුදකලා කර ඇති අකුරණ ප්‍රදේශයට පිට ප්‍රදේශවල සිට අත්‍යාවශ්‍ය භාණ්ඩ ප්‍රවාහනය සඳහා ලබා දී ඇති බලපත්‍ර සියල්ල ලබන 4 වනදා දක්වා තාවකාලිකව අත් හිටුවා ඇති බව අකුරණ ප්‍රාදේශිය ලේකම් කාර්යාලය කියයි. 01 May 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වු මාළු තොගයක් විනාශ කිරිම සම්බන්ධයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැන කර්ජනය කරනලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි. 01 May 2020
නාවලපිටිය-මහනුවර ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටෙයි නාවලපිටිය මහනුවර ප්‍රධාන මාර්ගයේ නාවලපිටිය වරකාව හල්හින්න ප්‍රදේශයේදි ප්‍රධාන මාර්ගයට අද (01) විශාල රුස්ස මාර ගසක් කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනා ගමනය ඇන හිට ඇති බව නාවලපිටිය පොලිසිය පැවසිය. 01 May 2020
නිකවැරටිය වාසිවැව පවුල් 11 නිරෝධායනයට නිකවැරටිය වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වූ ආසාධිත කාන්තාව සමීපව ඇසුරු කල පවුල් 11ක් නිරෝධායනයට ලක් කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය අද (01) පැවසීය. 01 May 2020
නිකවැරටිය සුවසැරිය නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් පිරිනමයි කොරෝනා වයිරසය අවදානම මැද හදිසි රෝගීන් රෝහල් වෙත රැගෙන යාමට දිවා රාත්‍රී මහත් කැපවීමක් සිදු කරණ නිකවැරටිය 1990 සුව සැරිය ගිලන් රථ නිලධාරීන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනැමීම නිකවැරටිය මුදියන්සේ තෙන්නකෝන් පදනම මගින් අද (30) පස්වරුවේ සිදුකෙරිණි . 30 April 2020
කල්පිටිය විජය නාවික කඳවුරේ පස් දෙනකු නිරෝධායනයට කල්පිටිය විජය නාවුක හමුදා කදවුරේ නාවික නිළධාරීන් පස් දෙනෙකු,කන්ද කුලිය ඊච්චන්කාඩුව නිරෝධායන මධ්‍යස්ථානයේ දී නිරෝධායනයට ලක් කර ඇත යි කල්පිටිය පොලිස් ස්ථානාධිපති ජයම්පතී බණ්ඩාර මහතා පවස යි 30 April 2020
නිකවැරටියේ ආසාදිතයා කුරුණෑගල සිට ආ බස් රථයේ ගිය මගීන් ගැන සොයයි නිකවැරටියේ ආසාදිත නාවික සෙබලා ඉකුත් 22දා කුරුණෑගල සිට නිකවැරටියට NW MB 0609 දරණ අංක දරණ මගී ප්‍රවාහන බස් රථයෙන් පැමිණ ඇති බව අනාවරණය වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. 30 April 2020
පුරාවිද්‍යා ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මරුට හොරොව්පොතාන අලපත්වැව ප්‍රදේශයේ පුරාවිද්‍යා භූමියක තිබූ ළිඳකට වැටීමෙන් අලි පැටවුන් දෙදෙනකු මියගොස් තිබේ. 30 April 2020
විදුලි සැර වැදී කාන්තාවක් මරුට හිඟුරක්ගොඩ 46 හැවිරිදි සිව්දරු මවක් අද(30) සිය නිවසේ වතුර මෝටරයට ඇද තිබූ අනාරක්ෂිත විදුලි රැහැනක ගැටී විදුලිය සැර වැදීමෙන් මරුමුවට පත්වී ඇතැයි හිඟුරක්ගොඩ පොලීසිය කියයි. 30 April 2020
සමනවත්තේ නිවසක තිබී පුද්ගලයකුගේ සිරුරක් සොයා ගනී බලන්ගොඩ සමනවත්ත ප්‍රදේශයේ නිවසක තිබි පිරිමි පුද්ගලයෙකුගේ සිරැරක් අද (30) දා සොයාගත් බව පොලිසිය පවසයි. 30 April 2020
ඇඳිරි නීති බලපත්‍රයක් අවභාවිත කරමින් මත්කුඩු ප්‍රවාහනය කළ අයෙක් අත්අඩංගුවට කන්ටේනර් ප්‍රවාහනය පිනිස වරාය පරිශ්‍රයට යාම සදහා ලබාදී ඇති ඇදිරි නීති බලපත්‍රයක් අවභාවිතා කරමින් මත් කුඩු ප්‍රවාහනයේ යෙදුනු බව කියන රියදුරෙකු සහ කුඩු අලෙවි කළ අයෙකු මල්වතුහිරිපිටිය පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. 30 April 2020
ආසාදිත නාවික සෙබළාගේ ඥාතීහු 7ක් නිරෝධායනයට බාර වෙති හොරොව්පොතාන තිරප්පන්කඩවල ප්‍රදේශයේදී කොරොනා ආසාදිත බවට හඳුනාගත් නාවික සෙබලාගෙ සමිපතම ඥාතීන් හත්දෙනකු යුදහමුදා භාරයට ගෙන තිබේ. 30 April 2020
ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය හුදකලා කරයි නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයේ සිවුවැනි ආසාදිතයා වාසිවැව ප්‍රදේශයෙන් වාර්තා වීමත් සමග වාසිවැවට පිවිසෙන ඇලවක බලල්ල ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම වසා දමා ගම්මාන රැසක් හුදකලා කල බව ( අද 30) නිකවැරටිය මූලස්ථාන පොලීසිය පවසයි . 30 April 2020
කොග්ගල වෙළද කලාපයේ සියයට 50ක වැඩ අරඹයි කොග්ගල ආයෝජන ප්‍රවර්ධන කලාපයේ කම්හල් 23ක් විවෘත කර ඉන් 50% ක පමණ වැඩකටයුතු මේ වනවිට සිදුකරගෙන යන බැව් කොග්ගල අයෝජන ප්‍රවර්ධන කළාපයේ කළාප අධ්‍යක්ෂක ගාමිණි දහනායක මහතා පවසයි. 30 April 2020
වායු පීඩන යන්ත්‍රය පිපිරී පුද්ගලයෙක් මරුට බණ්ඩාරගම රයිගම කුඹුක පාරේ පෞද්ගලික ආයතන භූමියක් තුළ දී වායු පීඩන යන්ත්‍රය පිපිරීමෙන් පුද්ගලයෙක් මිය ගොස් ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි . 29 April 2020
රත්නපුර ගුරුළුවාන විහාරාස්ථානයක හිමිවරුන් 7 ක් සහ නිවෙස් 6 ක් නිරෝධායනයට රත්නපුර ගුරුළුවාන ප්‍රදේශයේ ව්හාරස්ථානයක කැටයම් කැපීමට පැම්ණි නාවික සෙබළෙකුට ආසාදිත වු බවට තහවුරු විමෙන් පසු එම ව්හාරස්ථානයේ භික්ෂූන් වහන්සේලා හත් නමක් සහ එම ප්‍රදේශයේ නිවාස හයක් නිරෝධායනයට ලක් කිරිමට රත්නපුර මහජන සෞඛ්‍ය පරික්ෂකවරු කටයුතු කළහ. 29 April 2020
නැහිනිවෙල ආසාදිතයා ඇසුරු කළ 11 ක් පම්පෙමඩු යවති වැලිසර නාවික හමුදා කදවුරේ සේවය කර මහනුවර නැහිනිවෙල ප්‍රදේශයට පැමිණි නාවික හමුදා සෙබලෙකු හට කොවිඩ් 19 ආසාදිත වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහු සමග ලගින්ම ඇසුරු කළ 11 දෙනෙකු නිරෝධානය සඳහා අද (29) වව්නියාව පම්පෙමඩු ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානය වෙතට රැගෙන ගොස් ඇත. 29 April 2020
නිකවැරටිය කොරෝනා ආසාදිතයා ඇසුරු කළ 15 ක් සහ පවුල් 6 ක් නිරෝධායනයට වැලිසර නාවික කඳවුරේ සිට නිකවැරටිය දිවුල්ලෑගොඩ ප්‍රදේශයේ තම නිවසට නිවාඩු ලබා පැමිණි නාවික භටයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීමත් සමග ඔහුගේ පවුල ඇතුළුව පවුල් හයක් සහ ඇසුරු කල නෑසියන් 15ක් නිරෝධායනය සඳහා වවුනියාව නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව නිකවැරටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. 29 April 2020
කොටවෙහෙර 28 දෙනකු පිසීආර් පරීක්ෂණයට කොටවෙහෙර දිගන්නෑව ප්‍රදේශයෙන් වාර්ථා වූ කොරෝනා ආසාධිත නාවික භටයා ලඟින් ඇසුරු කළ 28 දෙදෙනෙකු පී .සී.ආර් පරීක්ෂණ සඳහා යොමුකළ බව කොටවෙහෙර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි . 29 April 2020
කොරෝනා පිඩාවට ලක් වූ ගාල්ල ජනතාවට රුපියල් කෝටි 145.6ක සහනාධාර කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පිඩාවට ලක් වූ ගාල්ල දිස්ත්‍රික් ජනතාවට රුපියල් කෝටි 145.6කට ආසන්න සහනාධාර මේ වන විට ලබා දී තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා සඳහන් කරයි. ඒ අනුව පුද්ගලයන් 44 476ක් සහ පවුල් ඒකක 246 770 ක් ඇතුළුව සහනාධාර ලබා ඇති අතර සමස්ත සංඛ්‍යාව 291 246ක් වේ. 29 April 2020
පැමිණිල්ලක් විමර්ශනයට ගිය කෝකිලායි පොලිසියේ දෙදෙනකුට පහරදීලා මුලතිව් , කෝකිලායි ආලම්පිල් ප්‍රදේශයේ දෙපාර්ශවයක් අතර ආරවුලක් විසදීමට ගිය පොලිස් නිලධාරීන් දෙදෙනකුට ප්‍රකෝපවූ පිරිසක් පහරදීම හේතුවෙන් තුවාල ලැබූ එම නිලධාරීන් මාංචෝලේ රෝහලට ඇතුළත්කර ඇති බව මුලතිව් පොලිසිය පවසයි. 29 April 2020
වැටලීම් දෙකකින් 10 දෙනෙක් අත්අඩංගුවට හොරෙයින් මත්කුඩු පානය කරමින් හා මුදල් ඔට්ටුවට බූරුවා ගසමින් සිටි පුද්ගලයන් දස දෙනෙකු අද (29) උදේ පිළියන්දල කහපොල සහ විශ්ව කලා ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලීසිය කියයි. 29 April 2020
නිකවැරටිය කඩ සාප්පු වහයි ඇඳිරිනීතිය ඉවත් කර තිබුණද නිකවැරටිය නගරයේ කඩ සාප්පු සියල්ල අද (29 ) දහවල් වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගත්හ. 29 April 2020
මාමඩවිල නිවාස 13 ක වැසියන් නිරෝධනයට වැලිසර කදවුරේ සිට ඉකුත්දා නිවාඩු ලබා පැමිණි මාමඩවිල ප්‍රදේශයේ සෙබලෙකු ගිනිමැල්ලගහ බටහිර ප්‍රදේශයේ තම නෑදෑයන් හිත්වතුන් වෙසෙන හතක නිවැසියන් සමගින් ලගින් ඇසුරු කිරිම තහවුරු කර ගෙන එම නිවෙස් වල වැසියන් නිරෝධනයට ලක් කිරිම අද(29) සිදු කරන බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය 29 April 2020
අ’පුර අධිකරණ කටයුතු මැයි 10 වන තුරු නැවැත්වීමට නීතීඥවරු තීරණය කරති කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වසංගතය ව්‍යාප්ත වීමේ අවදානම හේතුවෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු අධිකරණ කටයුතු වලින් මැයි මස 10 වන දින දක්වා තම සංගමයේ නීතිඥ මහත්ම මහත්මීන් ඉවත් වන බව අනුරාධපුර නීතිඥ සංගමය අනුරාධපුර කලාපයේ සියලු මහාධිකරණ විනිසුරුවරුන්ට දිසා විනිසුරුවරුන්ට සහ මහේස්ත්‍රාත්වරුන්ට ලිඛිතව දැැනුම් දී තිබේ. 29 April 2020
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025