වසන්ත චන්ද්‍රපාල
අම්පාර හිමිදුරාව සහ දෙහි අත්තකණ්ඩිය කුඩාගල ගම්මානයෙන් හමුවු කොරෝනා ආසාදිත වු නාවික හමුදා නිළධාරින් දෙදෙනා ලගින් ඇසුර කරන ලද පුද්ගලයින් 65 දෙනෙකු අම්පාර කොණ්ඩුවටුවාන යුධ හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කල බව අම්පාර ප්‍රාදේශිය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වජිර රාජපක්ෂ මහතා පැවසිය.
හිමිදුරාව ගම්මනායේ 36 දෙනෙක් සහ පන්නල්ගම ගම්මානයේ තිදෙනෙක් සහ දෙහිඅත්තකණ්ඩිය කුඩාගල ගම්මානයේ 26 දෙනෙක්ද මෙලෙස නිරෝධායනයට යොමුකර තිබේ.
මෙයට අමතරව මෙම නිරෝධායනයට යැවු පිරිස ඇසුරු කරන ලද පුද්ගලයින් 300 ක් පමණ නිවෙස් වලම නිරෝධායනය කල බව දෙහිඅත්තකණ්ඩිය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය චනිත් පේදුරැආරච්චි මහතා පැවසිය.
මෙසේ නිවෙස්වල නිරෝධායනය සදහා යොමු කර ඇත්තේ කුඩාගල , සුරියපොකුණ,හුලංබදනාගල යන ගම්මානවල පිරිසක් බවද සදහන් කලේය.
මෙට අමතරව හිමිදුරාව නාවික හමුදා ගමන් නිළධාරියා කල ස්ථානවල සිටි 26 දෙනෙකු නිවෙස් වලම නිරෝධායනයට යොමුකර තිබේ.
උහන ජාතික ඉතිරි කිරිමේ බැංකුවට ඔහු පැමිනි අවස්ථාවේ එහි සිටි පිරිස් සහ බැංකු කාර්ය මණ්ඩලයේ කිහිපදෙනෙක්ද මෙසේ නිරෝධායනයට යොමුකර ඇති බව උහන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය නිරෝෂන් ලියනගේ මහතා පැවසිය.
මෙසේ නිරෝධායනයට ලක්වන්නේ උහන , උහන තිස්සපුර,සියඹලාවැව, නුගේලන්ද,උදයගිරිය යන ප්‍රදේශවල පිරිසක් බවද පැවසිය.
මෙම පුද්ගලයා ගමන් ගත් බස් රථයේ සිටි පිරිස් පිලිබදව තොරතුරැ සොයා ගෙන ඇති අතර එම පිරිස හෙට 02 දිනයේ නිරෝධායනයට යොමු කරන බවද පැවසිය.
තවදුරටත් මෙම පුද්ගලයා ඇසුර කල අය සහ ඔහු ගමන් කරන් ස්ථාන දන්නේ නම් උහන සෞඛ්‍ය වෛද්‍ය නිළදාරි කාර්යාලයට හෝ උහන පොලිස් ස්ථානයට , ග්‍රමා නිළධාරි මහතාට දැනුම් දෙන ලෙසද ඔහු ඉල්ලිමක් කලේය.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හිමිදුරාව ආසාදිතයා ඇසුරු කළ 65ක් නිරෝධායනයට