පාලිත ආරියවංශ
කොවිඩ් 19 වසංගත රෝගය ආසාදනය වීමේ අවධානම වළක්වා ලීමට සහාය දැක්වීමක් වශයෙන් මේ මස 6 වනදා දක්වා විවෘත අධිකරණ කටයුතු වලට සහභාගිවීමෙන් වැළැකීසිටීමට බදුල්ල නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමකදී ඒකමතිකව තීරණය කළ බව බදුල්ල නීතිඥ සංගමයේ සභාපති සුජීවන සිල්වා මහතා පැවසීය .
විනිසුරුවන්ගේ , අධිකරණ කාර්යමණ්ඩලවල , නීතිවේදීන්ගේ හා අධිකරණ වලට පැමිණෙන මහජනතාවගේත් සෞඛ්‍යයට එල්ල වී තිබෙන අවධානම පිළිබදව ගැඹුරින් සාකච්චාකර මේ තීරණයට එළැඹි බවද සිල්වා මහතා සදහන් කළේය .

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.