(ඩී.ජී.සුගතපාල)
මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්වු මාළු තොගයක් විනාශ කිරිම සම්බන්ධයෙන් බද්දේගම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැන කර්ජනය කරනලද පුද්ගලයෙකු අත් අඩංගුවට ගත් බව බද්දේගම පොලිසිය පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ බටපොල කහටපිටිය ප්‍රදේශයේ පදිංචි 28හැවිරිදි සැකකරුවෙකි.
මෙම සැකකරුගේ පියා ඇඳිරි නීතිය ඉවත් කළ ඊයේ දිනයේ බද්දේගම නගරයේ සමුපකාර වෙළඳසල අසල උදෑසන සිට මාලු වෙළඳාම් කර ඇති අතර සවස පැමිණි එම කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා එම මාලු පරික්ෂාකර බලා මිනිස් පරිභෝජනයට නුසුදුසු නරක්ව තිබු මාලු කිලෝ 17ක ප්‍රමාණයක් විනාශ කිරිමට උපදෙස් දි ඇත.
එම මාලු කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන භුමියේ වල දැමිමටත් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා උපදෙස්දි ඇත.
ඒ අනුව මාලු තොගය විනාශ කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් උරණවු මාලු වෙළෙන්දාගේ පුතා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාගේ කාර්යාලයට පැමිණ කලහකාරි ලෙස හැසිරෙමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට තර්ජනය කර තිබේ.
පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා විසින් පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත් අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අද(01) බද්දේගම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
2025 නොවැම්බර් මස 04
790
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2443
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1766
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහජන සෞඛ්‍ය පරීක්ෂකට තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට
රවින් Friday, 01 May 2020 04:47 AM
කුණු මාළු කන්න දුන්නානන් වැඩේ උඩින්ම ගොඩ.