ප්‍රියානි මංගලිකා
ඇඳිරිනීතිය ඉවත් කර තිබුණද නිකවැරටිය නගරයේ කඩ සාප්පු සියල්ල අද (29 ) දහවල් වසා දැමීමට ව්‍යාපාරික ප්‍රජාව පියවර ගත්හ.
නිකවැරටිය මැතිවරණ කොට්ඨාසයෙන් කොරෝනා වෛරසය ආසාධිත රෝගීන් තිදෙනෙකු හඳුනා ගැණීමත් ඔවුන් නිකවැරටිය නගරයේ සැරිසැරීමත් හේතුවෙන් ඇති වී තිබෙන දැඩි අවධානම් තත්වය හේතුවෙන් ,නගරයේ සියලු ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළඳ සංගමය පියවර ගෙන තිබූණි.
වැලිසර නාවික හමුදා කඳවුරේ සිට නිකවැරටිය තම නිවෙස් වෙත නිවාඩු ලබා පැමිණි නාවික භටයන් තිදෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වී ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මෙි මස 29.30.සහ ලබන 01වෙනිදා දක්වා මෙලෙස ව්‍යාපාරික ස්ථාන වසා තැබීමට ව්‍යාපාරික ප්‍රජාව තීරණය කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd